Video Sources 307 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Hierarchy (2025) Sinhala Subtitles

Hierarchy (2025) Sinhala Subtitles

Aug. 15, 2025USA97 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Hierarchy (2025) Sinhala Subtitles) (Hierarchy (2025) Sinhala Subtitle) (Hierarchy (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම!

අද අරගෙන ආවේ Action-Drama ගණයට වැටෙන සැඟවුනු මැණිකක් වගේ චිත්‍රපටයක්. මේකෙ නම Hierarchy. කතාව පැත්තට හැරෙමු. කතාව දිවෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්න ඉහළ පෙළේ රැකියාවන් වල නිරත වෙන, බුද්ධිමත් නමුත් අපරාධකාර සහෝදරයින් දෙදෙනෙක් මූලික කරගෙනයි. සහෝදරයින් කිව්වා මේ දෙන්නා පොඩි කාලේ භාරකාර අම්මා කෙනෙක් හදාගන්න අරගත්තු ළමයි දෙන්නෙක්. හොඳම දේ තමයි මේ භාරකාර අම්මා තව පුංචි පිරිමි ළමයි හුඟ දෙනෙක් භාරගෙන උස් මහත් කරලා තියෙනවා. ඉතින් චිත්‍රපටය දිවෙන කාල වකවානුවෙන් අවුරුදු 10කට කළින් මේ සහෝදරයින් දෙන්නා සහ ඔවුන් වගේම හදාගන්න ගත්ත තවත් කොල්ලෙක් එකතු වෙලා කරපු මංකොල්ලයකදී මේ අනිත් කොල්ලා පොලීසියට අහු වෙලා සිරගත වෙනවා. නමුත් සහෝදර බැඳීම නිසා අනිත් දෙන්නා ගැන කිසිම තොරතුරක් ඔහු පොලීසියට හෙළි කරන්නේ නෑ. ඒ නිසා ගෙවුනු අවුරුදු 10 ඇතුළේ ඔහු තනිවම සිර දඬුවම් විඳිද්දී, අනිත් සහෝදරයින් දෙන්නා හොඳ රැකියාවල නිරත වෙන ගමන් යටින් මංකොල්ලකෑමත් continue කරගෙන යනවා. ඔන්න අවුරුදු 10කට පස්සේ චිත්‍රපටය පටන් ගන්නේ අර කොල්ලා සිර දඬුවමෙන් නිදහස් වෙන තැනින්. ඉතින් අවුරුදු 10කට පස්සෙත් ඒ පරණ සහෝදරකම සහ මංකොල්ලකෑම මොන විදිහට ගලාගෙන යයිද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. 😉🔥 මං මුලින්ම කිව්වා මේක Action-Drama ගණයට වැටෙන සැඟවුණු මැණිකක් වගේ කියලා. දැන් කියන්නම් ඒකට හේතුව. ඇත්තටම කිව්වොත් මේ වෙද්දී මේ චිත්‍රපටය නරඹපු රසිකයින් IMDb මීටරය කරකවලා තියෙන්නේ 4.4/10 ක් විතරයි. 🙂 එතකොටම ඔයාට හිතෙයි “ආ, එහෙනම් මේක ජරාවක්නේ!” කියලා. නමුත් ඇත්තටම බැලුවොත් මේ 4.4 ඇවිත් තියෙන්නෙ IMDb ප්‍රේක්ෂක මනාප 200ක් වැනි ප්‍රමාණයකින්. මේක ටිකක් low budget චිත්‍රපටයක් නිසා හුඟක් high budget චිත්‍රපට නරඹන බහුතරයක් ප්‍රේක්ෂකයන් අතරට මේක ගිහින් නෑ කියලා තමයි මට පෞද්ගලිකව හිතෙන්නේ. ඉතින්, නිවාඩු පාඩුවේ සිංහල උපසිරැසි එක්ක ඔයාම මේ චිත්‍රපටය නරඹලා කල්පනා කරන්න මේක 4.4/10ක් වගේ rate එකක් එන්න තරම් නරක ෆිල්ම් එකක්ද කියලා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…

Hierarchy (2025) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Original title Hierarchy
IMDb Rating 4.4 287 votes
TMDb Rating 4 2 votes

Director

Cast

Dylan Winters isDriss Buress
Driss Buress
Jenny Frame isCaptain Domingo
Captain Domingo
Carol Hickey isFrancis Pritchett
Francis Pritchett

Similar titles

Bullet Train (2022) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Gangers (2025) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published