
(Hey Sinamika (2022) Sinhala Subtitles) (Hey Sinamika (2022) Sinhala Subtitle) (Hey Sinamika Sinhala Subtitle)
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ කට්ටිය බලන්න ආසාවෙන්ම ඉඳපු ෆිල්ම් එකක් “Hey! Sinamika” මේකත් ඉතින් සුපුරුදු විදිහට ටයිම් ලයින් හදලා හෝල් කොපි එකට සබ් එක කරලා ඔරිජිනල් ආපු ගමන් සින්ක් කරලා අරගෙන ආපු එකක් තමයි.. කාල රාමු හදන්න මට අපේ සමිත මේ සැරේ උදව් කරා එයාටත් තෑන්ක්ස් කියනවා..
…Hey! Sinamika…
ආයේ ඉතින් “දුල්කර් සල්මාන්” කියන්නේ හැමෝම වගේ ආදරේ කරන ආස කරන මලයාලම් නළුවෙක්නේ.. හැබැයි මේක නම් දෙමල ෆිල්ම් එකක්.. මේක භාෂා දෙක තුනකින්ම ආවා ඒත් ඔරිජිනල් ටැමිල්..
(රූගත කිරීම් අතරතුරේදී ගත් ඡායාරූපයක්)
(බ්‍රින්දා මාස්ටර්)
එතකොට මේ ෆිල්ම් එකේ රචනය මම හුඟක් ආස කරන සහ ආදරේ කරන ගී පද රචකයෙක් වෙන “මදන් කර්කි” මේ ෆිල්ම් එකෙත් සිංදු එයාමයි ලියලා තියෙන්නේ.. (“මදන් කර්කි” කියන්නේ මම හුඟක්ම ආදරේ කරන සහ ආස කරන “වෛරමුත්තු” ගේ පුතා.. අම්මෝ වෛරමුත්තු නම් මාරම සිංදු ගොඩක් සුපර් හිට් සිංදු ලියපු ලෙජන්ඩ් කෙනෙක් තමයි) මම මේ ෆිල්ම් එකේ ආසම සිංදු දෙක “Thozhi” සහ “Achamillai” කියන සිංදු දෙකට මම සිංහල පරිවර්තනය කරා ඒවත් බලන්න කියලා කියනවා හැමෝටම.. “Thozhi” සිංදුව කියන්නේ මම ආසම කරන ගායකයෙක් “ප්‍රදීප් කුමාර්” ආ එතකොට “Achamillai” සිංදුව කියන්නේ අපේ දුල්කර් සල්මාන්ම තමයි.. එතකොට මේ ලස්සන ෆිල්ම් එකට ලස්සනට සංගීතය කරේ තවත් මම ආස කරන සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන “ගෝවින්ද් වසන්ත්” එයත් හුඟක් දක්ෂ කෙනෙක් තමයි..
(මදන් කර්කි)
(ගෝවින්ද් වසන්ත්)
ෆිල්ම් එකේ විස්තර ගැන කිව්වා ඇති කියලා හිතෙනවා.. එහෙම නම් යමු නේද ෆිල්ම් එකේ කතාව පැත්තට..
යාලන් කියන්නේ හුඟක් කතා කරන්න ආස බිරිඳට හුඟක් ආදරේ කරන.. එයා කන බොන , අඳින පළඳින දේ ඉඳලම හොයන ආදරණිය සැමියෙක්.. ඒත් එයාගේ බිරිඳ මෞනාට මේක ලොකු හිසරදයක් එයා ඒවා දකින්නේ කරදයක් විදිහට ඉතින් මෙහෙම ජිවිතේ ගෙවීගෙන යද්දී මෞනා හුඟක් උත්සහ කරනවා යාලන්ගෙන් වෙන්වෙන්න ඒකත් එයාට නොදැන අමුතු අමුතු ප්ලෑන් ගහලා.. ඉතින් ඔය විදිහට කතාව යද්දී යාලන්ගෙන් වෙන්වෙන්න උදව් ගන්න මෞනාට කෙනෙක්ව හම්බුවෙනවා.. ඒ තමයි ඩොක්ටර් මලර්විලි.. ඔන්න ඔතන ඉඳලා තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ.. ඩොක්ටර් මලර්විලි මුලින්ම කැමති වෙන්නේ නැහැ මෞනා ඉල්ලන මේ අමුතු ජාතියේ උදව්වට.. ඒත් මෞනා සියදිවි නසාගන්නවා කියලා ඩොක්ටර් මලර්විලිව බය කරනවා.. ( බොරුවට.. ) ඉතින් මේ ඇති කියලා හිතෙනවා විස්තර කිව්වා..
එහෙනම් මේ ලස්සන ඒ වගේම ආදර්ශමත් ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා.. හිනාවෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, දුක්වෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්.. මේ හැමදෙයක්ම මේ ෆිල්ම් එක බලලා විඳින්න පුළුවන්..
එහෙනම් ෆිල්ම් එකේ දෙබසක් එක්ක මම කතාව අවසන් කරන්නම්..
“ඔයා ඔයා වගේ ඉන්න..”
“මම මම වගේ ඉන්නම්..”
“ඔයා වෙනුවෙන් මම කිසිදෙයක් වෙනස් කරගන්නේ නැහැ..”
“මම වෙනුවෙන් ඔයා කිසිදෙයක් වෙනස් කරගන්න ඕනේ නැහැ..”
“මම දැනුත් එහෙම්ම තමයි ඉන්නේ..”
“ඔයත් එහෙමම ඉන්නවද..?”
(2016දී.. දුල්කර් මගේ උපන්දිනේට සුභ පතලා දාපු Tweet එකක පොඩි මතකයක් ❤ මම මගේ Twitter ප්‍රොෆයිල් එක අයින් කරපු නිසා මගේ username එක මෙතන පෙන්නන්නේ නැහැ)
📝 සීක්රට් එන් ( නාරා ) 📝
Subtitles nize bro
Nize subtitles bro
Mama me film ekata godak asa kajal saha dq act karana nisa thank you oyata film eka dunnata