Video Sources 5985 Views

  • Watch trailer
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles

Welcome back to where the magic began.Jan. 01, 2022United Kingdom103 Min.TV-PG
Your rating: 10
10 3 votes

Synopsis

(Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles) (Harry Potter 20th Anniversary: Return to Hogwarts Sinhala Subtitle)

යාළුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.. 2021දී වගේම මේ අවුරුද්දෙත් අපිත් එක්ක ඉන්න වගේම සිනෙරූ අපි ගැන නොදන්න අයටත් අපි ගැන කියන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.. හොඳයි එහෙනම් සබ් එක පැත්තට යමු..

Harry Potter කිව්වම දන්නෙ නැති මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්න විදිහක් නෑනේ, එහෙම ඉන්නවා නම් ඒ මනුස්සයගෙන් වැඩකුත් නෑ..😁මට නම් Harry Potter කියන්නේ පිස්සුවක්. පොඩි කාලෙ සිරසෙන් හඬ කවපු ෆිල්ම් 3 විතරයි මුලින්ම බලලා තිබ්බේ මොකද ඒ කාලෙ අන්තර්ජාලය ගැන දන්නෙවත් නෑනේ..ලොකු වෙද්දී මේකේ තව ෆිල්ම් තියෙනවා කියලා දැනගෙන ඒවත් බලලා තමා මේ පිස්සු හැදෙන ෆැන්ටසියට හිත ඇදිලා ගියා.. මං හිතන්නේ ලංකාවේ හුඟක් අයත් මං විදිහටමයි මේකට ඇබ්බැහි වෙන්න ඇත්තේ.. ලෝකෙ පුරාම විශාල ප්‍රේක්ෂක පිරිසක් Harry Potter එක්ක එකතුවෙලා ඉන්නවා. මොකද වයස් බේදයක් නැතුව මේකට මිනිස්සු පිස්සු වැටුණා. හුඟක් අය තව ෆිල්ම් හදන්න කියලා පවා ඉල්ලීම් කරා Harry Potter: Cursed Child වැනි පොත් පාවිච්චි කරලා, ඒත් ඒකට ප්‍රතිචාර විදිහට කෙලින්ම ලැබුණ උත්තරය තමයි නැවත හැරී පොටර් ෆිල්ම් නිෂ්පාදනය නොකරනවා කියන එක.. කොහොමහරි හැරි පොටර් ෆිල්ම් නැතිවුණත් ඒ වෙනුවට හැරීලට කලින් කාලේ, ඒ කියන්නේ ඩම්බෙල්ඩෝලගෙ තරුණ කාලේ අල්ලලා Fantastic Beast කියලා වෙනම ෆිල්ම් සීරිස් එකක් නිර්මාණය කරන්න පටන්ගත්තා. දැනටමත් ෆිල්ම් 2ක් ඇවිල්ලා ඉවරයි. 3 වෙනි එක මේ අවුරුද්දේම එනවා කියලා යාලුවො දන්නවා ඇතිනේ..

හොඳයි කොහොමින් කොහොමහරි 2022 ජනවාරි 1 වෙද්දී, හැරි පොටර් පළවෙනි ෆිල්ම් එක තිරගත කරලා හරියටම අවුරුදු 20ක් සපිරෙනවා.. මේක හේතු කරගෙන හැරි පොටර් රසිකයින් පුදුම කරවමින් Warnor Brother ආයතනය නිවේදනය කරනවා හැරි පොටර් ෆිල්ම් මාලාවේ රංගන ශිල්පීන් යොදාගෙන අලුත් වැඩක් කරන්නයි යන්නේ කියලා.. අන්න ඒ අලුත් වැඩේ වුණේ කාස්ට් එක එකතු කරන් Reunion එකක් එහෙමත් නැත්නම් නැවත එකතුවීමක් පවත්වන එක. ට්‍රේලර් පටයක් නිකුත් කරනවත් එක්ක මේක බලන්න තියෙන ආසාව තවත් වැඩි වුණා.. සෙට් එකම දැන් හුගාක් ලොකුයි, අවුරුදු 30ත් පැනලා හුගාක් 😂මේක දැක්කම Wizarding World එකේ රසිකයෙක් වුණ මටත් ඉවසිල්ලක් නැතිවුණා මේක බලනකල්. ලස්සන වැඩක් හොඳටම කරලා තියෙනවා. මට ෆිල්ම් 8ම බලලා ඉවර වුණාට පස්සේ තව තිබුණා නම් කියලා හිතට දැනුණ එක මේක ඉවර වුණාමත් දැනුණා. මොකද ඒ තරම් රසවත්.. චරිත වලට කට්ටිය තෝරගත්ත තැනේ ඉදලා ෆිල්ම් 8ම ආවරණය වෙන විදිහට තමා මේක ගලාගෙන යන්නේ. තිරය පිටුපස දේවල් හුගාක් මේකෙන් බලාගන්න පුළුවන්.. හිනායන තැන් වගේම දුක හිතෙන තැනුත් තියෙනවා.. ඔයාලා දැනගෙන හිටියද එමා ටොම්ට කැමතිවෙලා හිටියා කියලා?? 6 වෙනි ෆිල්ම් එකෙන් පස්සේ එමා හැරි පොටර් ෆිල්ම් වලින් අයින් වෙන්න හිතුවා කියලා දන්නවද??

මේ වගේ හුගාක් නොදන්න දේවල් දැනගන්න පුළුවන්..අන්තිම විනාඩි 5 තමා දුක හිතෙනම කොටස් තියෙන්නේ.. එමා,ඩැනියෙල්,රූපට් හැමෝම අ‍ඬනවා සුන්දර අතීතය මතක් කරමින්..අන්තිමට රූපට්(රොන්) කියනවා අපිට මේක යම් තැනක නවත්තන්න වෙනවා, අපිට සඳහටම මේක කරන්න බෑ කියලා.. ඒක ඇත්ත.. හැබැයි සඳහටම හිතේ ඉඩක් නම් හැරි පොටර් කතාවට තියෙනවා.. ස්නෙප් කියනවා වගේ Alway..

තනියම බලන එකත් හොඳ නැති නිසා මං බැලුවා මේකේ උපසිරසියක් කරොත් අපේ යාලුවොන්ටත් මේක බලලා රසවිඳින්න අවස්ථාවක් තියෙනවා කියලා. ඒත් කරන්න ගත්තම තමා අමාරුව තේරුණේ.. මොකද මේක ෆිල්ම් එකක් විදිහට ගලාගෙන යන දෙයක් නෙවෙයි තමන්ගේ හිතේ රැදුණු සුන්දර මිහිරි මතක අවදි කරලා හදවතින්ම කතාකරන මිනිස්සුන්ගෙ කතාවක්.. ඉතින් එහෙම කතාබහක් සිංහල හරවනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි මොකද මට ඉංග්‍රීසි දැනුම 100%ක්ම තිබ්බත් බෑ සමහර තැන් තේරුම්ගන්න.. ඒ නිසා සමහර තැන්වල අඩුපාඩු තිබ්බොත් ඒකට සමාව ඉල්ලනවා.. ඒත් පුළුවන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා මං සබ් එකට..

එහෙනම් කට්ටියම පහළින් සබ් එකයි වීඩියෝ එකයි අරන් මේ වෙනස් අත්දැකීම විදින්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා. මතක් කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඒක අපිට ලොකු හයියක්..

..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරු..

(Harry Potter Sinhala Subtitle) (Harry Potter 20th Anniversary Sinhala Subtitle)

Original title Harry Potter 20th Anniversary: Return to Hogwarts
IMDb Rating 8 43,323 votes
TMDb Rating 7.3 2,905 votes

Similar titles

Subservience (2024) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
Blood in the Water (2022) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published