(Hard Hit (2021) Sinhala Subtitles)
කාර් එකේ සීට් එක යට බෝම්බයක් තියෙනවනම්..
නැඟිටගන්නවත් හෙල්ලෙන්නවත් බැරිනම්…
ළමයි දෙන්නත් ඉන්නෙ ඒ කාර් එක ඇතුලෙමනම්..
මේ අවුරුද්දෙ ජුනි මාසෙ 23 වෙන්දා තමයි මේ චිත්රපට Release කලේ. Joo woo Jin, Jin kyung, Lee Jea in මෙම චිත්රපටයේ ප්රධාන චරිත රඟපානවා. ඒ වගේම ඔයාලා කොයි කවුරුත් දන්න Ji Chang Wook එහෙමත් මේ චිත්රපටයක් කටහඬෙන් වගේම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
කතාව පැත්තට ගියොත් ලී සන්ග් ක්යු එයාගෙ ළමයි දෙන්නව ඉස්කෝලෙට එක්කන් යනවා. ඒ යන අතරමඟදි එයාට දුරකතන ඇමතුමක් එනවා නොදන්න අංකයකින්. ඔන්න ඔතනින් තමා මේ කතාව පටන් ගන්නෙ.
කවුද ඒ කතා කලේ?
එහෙම කතා කරන්න හේතුව මොකක්ද?
ලී සන්ග් ක්යු කරපු වැරැද්ද මොකක්?
ඇයි මෙහෙම පළිගන්නෙ?
මේ හැමදේටම උත්තර දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. පැය එකහාමාරකට වැඩි වුනත් කම්මැලී කමක් නැතුව බලන්න පුලුවන්.Film එක release වෙලා කාලයක් ගියත් English sub එකක් ආවේ නෑ. වෙනත් භාෂාවක සබ් එකක් english වලට පරිවර්තනය කරපු සබ් එකකින් තමා උපසිරැසි ගැන්වුනේ.අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. සුපිරිම ෆිල්ම් එකක් කියලානම් Recommend කරන්න පුලුවන්.
මේ දවස්වල හැමෝම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.
ජය !