Video Sources 4989 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Ghost (2023) Sinhala Subtitles

Ghost (2023) Sinhala Subtitles

Oct. 19, 2023India132 Min.Not Rated
Your rating: 0
7.7 3 votes

Synopsis

(Ghost (2023) Sinhala Subtitles) (Ghost (2023) Sinhala Subtitle) (Ghost (2023) Sinhala Sub) (Ghost Sinhala Subtitle) (Ghost Sinhala Sub) (Ghost 2023 Sinhala Subtitle) (Ghost Kannada Movie Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න මගේ උපසිරැසි ජීවිතේ තිබ්බ තවත් එක බලාපොරොත්තුවක් ඉටු කරගන්න තමයි අද සුදානම්වෙන්නේ..ඒ මොකද්ද කියලා කිව්වොත් මම පෞද්ගලිකව ගොඩක්ම ආස කරන සිනමාවක් වන කන්නඩ සිනමාවේ චිත්‍රපටයක කැම් පිටපතකට අසා ලිවීමක් කරලා සබ් එකක් කරලා OTT රිලීස් වුණාම ඉක්මනින්ම උපසිරැසිය අරන් එන්න ඕන කියලා කාලෙක ඉදන් ලොකු ආසවක් තිබ්බා..ඒත් කාර්ය බහුලත්වත් එක්ක ඒක කරගන්න වුණේ නෑ..කොහොම හරි මේ සැරේ ලැබුණ විවේකයත් එක්ක මට ඒක කරගන්න අවස්ථාවක් ලැබුණා..

ඒ වගේම මම චිත්‍රපටය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැනගන්න ආස අයට දැනගන්නත් එක්ක සවිස්තරාත්මක ලිපියක් විදියට මේ ලිපිය ඉදිරියට අරන් යන්න බලාපොරොත්තු වෙනවා..ඉතින් ලිපිය කියවන්න කම්මැලි කෙනෙක්නම් ලිපිය පහළට ස්ක්‍රෝල් කරලා සිංහල උපසිරැසිය සහ වීඩියෝ පිටපත් ලබාගන්න කියලත් මතක් කරනවා..?

මම ඉතින් මේ වෙනුවෙන් තෝරගත්තේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක මම කලින් කිව්වා වගේ කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, Malayalam කියන භාෂාවලිනුත් හඬ මුසු කරලා අදාළ ප්‍රදේශ වල සිනමාශාලා වලට නිකුත් වෙලා තියනවා..

Ghost' Movie Review: Shiva Rajkumar's film is all sass and mass - India Today

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M.G Srinivas විසින්..ඉතින් මේ M.G Srinivas එහෙමත් නැත්තන් Srini ත් කන්නඩ සිනමාව තුළ ලොකු වෙනසක් කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් නිවැරදී..ඒක හොඳටම ඔහු පසක් කරේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරලා ඔහු විසින්ම ප්‍රධාන චරිතය මවපු 2019 නිකුත් වුණු Birbal චිත්‍රපටයෙන්..Bribal චිත්‍රපටයට අමතරව Topiwala (2013) , Srinivasa Kalyana (2016) , Old Monk (2022) වගේ චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා..මේ වගෙන් වැඩි කොටසකම ඔහු විසින්ම තමයි ප්‍රධාන චරිතයට පන පොවලා තියෙන්නේ..ඉතින් මේ වෙද්දි ඉන්දියානු සිනමාව තුළත් විවිධ සිනමා විශ්වයන් එහෙමත් නැත්තන් Cinematic Universe නිර්මාණය වෙමින් තියනවා..උදාහරණයක් විදියට හින්දි සිනමාව තුළ Yash Raj Films හරහා නිර්මාණය වුණ Spy Universe එක වගේම Lokesh Kanagaraj දමිළ සිනමාව තුළ ගො⁣ඩ නගාගෙන යන LCU නොහොත් Loki Cinematic Universe එක පෙන්නලා දෙන්න පුලුවන්..ඉතින් ඉන්දියානු සිනමාව තුළ ප්‍රධාන තැනක් ගන්න කන්නඩ සිනමාවෙනුත් එහෙම Cinematic Universe එකක් බිහි නොවුණොත් ඒක අඩුවක් වගේ නේද? ? ඉතින් මේ වැඩේට කන්නඩ සිනමාව පැත්තෙන් මුල පිරුවේ අපේ M.G Srinivas ගේ SCU එහෙමත් නැත්තන් Srini Cinematic Universe එක..සමහරකට හිතෙන්න පුලුවන් SCU එකට කලින් ප්‍රශාන්ත් නීල්ගේ KGF Universe එක කන්නඩ සිනමාව තුළ බිහි වුණා නේද කියලා..ඒත් ඒක එහෙම නොවෙන්න හේතුව ප්‍රේක්ෂකයන් තුළ KGF Universe එකක අදහස සංසරණය වුණාට තාමත් ප්‍රශාන්ත් නීල් විසින් තමන් KGF චිත්‍රපටය ඔස්සේ Cinematic Universe එකක් ගොඩනගනවා කියලා තහවුරු කරලා නැති එක.. කොහොම හරි ඉතින් SCU එකට මුල්ම අඩිතාලම වැටෙන්නේ මේ Ghost (2023) ෆිල්ම් එකෙන්..

Mg Srinivas - Mg's Bio, Credits, Awards, and more. - Stage 32

අධ්‍යක්ෂක M.G. Srinivas

(Actor & Director in Kannada Cinema)

අපි දැන් පොඩ්ඩක් මේ SCU එක පැත්තට හැරිලා බලමු..

ඉතින් මම කලින් කිව්වා වගේ SCU එකේ ආරම්භය Ghost චිත්‍රපටය හරහා සිදු වුණත් මේ චිත්‍රපටයට 2019 අවුරුද්දේ නිකුත් වුණ Birbal Trilogy Case 1 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අධ්‍යක්ෂක Srinivas විසින්ම චරිත මවපු මහේෂ් දාස්ගේ චරිතයත් Ghost චිත්‍රපටයට එකතු කරගෙන තියනවා කියලා අධ්‍යක්ෂක Srini කල් ඇතිවම ප්‍රකාශ කරලා තිබ්බා..ඉතින් ඒ නිසා Birbal (2019) චිත්‍රපටයත් SCU එකට අයිති වෙනවා..ඒ වගේම අධ්‍යක්ෂක Srini මේ වෙද්දි ප්‍රකාශ කරලා තියනවා Ghost චිත්‍රපටයේ දෙවනි කොටසක් සහ Birbal Trilogy Case 2 එකකුත් නිර්මාණය වෙනවා කියලා..අධ්‍යක්ෂක Srini ප්‍රකාශ කරලා තියන විදියට Birbal Trilogy Case 2 චිත්‍රපටය 2024 දි නිකුත් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ..ඒ අනුව මේ වෙද්දි SCU එක චිත්‍රපට හයකින් පමණ සමන්විතයි කියලා Srini විසින් ඉගි පල කරලා තියනවා..ඒ කියන්නේ,

  • Birbal Trilogy Case 1 (2019)
  • Ghost (2023)
  • Birbal Trilogy Case 2 (2024)
  • Dalavayi (Spin off) 
  • Ghost Part 2
  • Birbal Trilogy Case 3

යන චිත්‍රපට මේ SCU එකට සම්බන්ධ වෙනවා කියලා තමයි ශ්‍රීනි මේ වෙද්දි ඉගි පලකරලා තියෙන්නේ..

දැන් කෙනෙක්ට හිතෙනවා ඇති මේක Cinematic Universe එකක් නිසා Ghost (2023) බලන්න කලින් Birbal බලලා ඉන්න ඕනමද කියලා..ඇත්තටම කිව්වොත් එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ.මොකද Ghost චිත්‍රපටයට Birbal එකෙන් සම්බන්ධවෙන්නේ මහේෂ් දාස්ගේ චරිතය විතරයි..කොහොම වුණත් Birbal කියන්නේ බැලුවට පාඩුවක් නොවන සුපිරිම ත්‍රිල් එකක් තියන තවත් එක කන්නඩ සිනමාපටයක්..ඉතින් ඔයාලත් මේ මහේෂ් දාස්ගේ චරිතය ගැන දැනගන්න කැමතිනම් Birbal (2019) ත් නරඹන්න කියලා මම යෝජනා කරනවා..

SRINI on X: "Finished shooting "GHOST"! Big thanks to my cast and crew. Excited to share details on the SCU (Srini's Cinematic Universe). "GHOST" premieres this Dasara! ? #SCU #Ghost #DASARARELEASE Thank

Exclusive | How are Ghost & Birbal Trilogy linked? MG Srinivas answers...

Ghost (2023) සහ Birbal Trilogy Case 1 (2019) චිත්‍රපටයේ පෝස්ටර් යුගලයක්

එහෙනම් දැන් අපි Ghost (2023) චිත්‍රපටය පැත්තට ආපහු හැරෙමු..

චිත්‍රප⁣ටය් රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි Ghost චිත්‍රපටය IMDb දර්ශක⁣යේ 8.6/10 ක් වගේ ඉතාමත් ඉහළ අගයක් ලබාගෙන තියනවා වගේම ගූගල් පරිශීලක මනාප 93%ක් ලබාගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..ඉතින් මම ඉහත සඳහන් කරා වගේම මේකේ කතාව සහ අධ්‍යක්ෂණය M.G Srinivas ගේ වන අතර Sandesh Nagaraj ගේ නිෂ්පාදනයක්..ඒ වගේ මේ ෆිල්ම් එකට Background මියුසික් වලිනුත් ලොකු පන්ච් එකක් ලැබිලා තියනවා..ඉතින් ඒ Credit එක යන්න ඕන මේකේ සංගීත අධ්‍යක්ෂක විදියට කටයුතු කරපු Arjun Janya ට..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 15-20ත් අතර බජට් එකක් වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ..ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 2,000 කට අධික ගණනක ප්‍රදර්ශනය වුණා..ඒ වගේම මේකට Positive + Mix Reviews එක්ක කන්නඩ සිනමාව තුළ 2023 අවුරුද්දේ නිකුත් වුණු පළවෙනි කන්නඩ Blockbuster චිත්‍රපටය බවට පත්වෙමින් කෝටි 32.5ක අදායමක් එක්ක Blockbuster ලේබලය අලවගන්න Ghost (2023) චිත්‍රපටයට මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

Karnataka Box Office (@KarnatakaBoxOff) / X

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධන චරිතය ජනප්‍රිය කන්නඩ නලු Shivarajkumar විසිනුත් සෙසු ප්‍රධාන චරිත ලෙස Jayaram , Anupam Kher , Prashant Narayanan වගේ දැවැන්ත චරිත එකතු වෙලා තියනවා..ඊට අමතරව Ghost චිත්‍රපටයේ අධ්‍යක්ෂක Sriniත් Birbal චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මහේෂ් දාස්ගේ Cameo එකත් එක්ක මේ Ghost චිත්‍රපටයේ කාස්ට් එකට ඇතුල් වෙලා තියනවා..

Jayaram , Anupam Kher සහ Prashant Narayanan

ඉතින ඒ වගේම අපි Ghost (2023) චිත්‍රපටයේ ප්‍රධන චරිතයට පණ පොවන Shiva Rajakumar ගැනත් විස්තර ටිකක් බලමු..

We need to protect producers in this time of crisis: Shivarajkumar | Kannada Movie News - Times of India

Actor Shiva Rajkumar

ඇත්තටම ම මේ තොරතුරුත් මේ ලිපියට එකතු කරන්න හිතුවේ කන්නඩ සිනමාව තුළ අති දැවැන්ත චරිතයක් වුණත් ශ්‍රී ලංකාව තුළ අනෙක් ඉන්දියානු සිනමාවල් වලට සාපේක්ෂව බැලුවොත් කන්නඩ සිනමාවට අවධානය යොමු වෙනවා අඩු නිසා මේ වගේ චරිත ගැනත් රසිකයන්ගේ අවධානයක් වැඩිය යොමුවෙන්නේ නෑ..ඇත්තටම කිව්වොත් දමිළ සිනමාවට රජිනිකාන්ත් , හින්දි සිනමාවට අමිතා බච්චන් වගේ කන්නඩ සිනමාවෙත් දැනට ⁣ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න නලුවන් අතරින් ජ්‍යෙෂ්ඨම නලුවා Shiva Rajkumar කියලා කියන්න පුලුවන්..1962 ජූලි 12 උපත ලබලා 1972 දී Sri Srinivasa Kalyana චිත්‍රපටයේ ලමා චරිතයකට පෙනී ඉඳලා තමයි කන්නඩ සිනමාවට අවතීර්ණ වෙන්නේ..ඒ වගේම වයස අවුරුදු 24 දි Anand (1986) චිත්‍රපටයෙන් තමයි ප්‍රධාන චරිතයකට පොන පොවන්න අවස්ථාව හිමි වෙලා තියෙන්නේ..මේ වෙද්දි 61 වෙනි වියේ පසුවන Shiva Rajkumar විසින් සිනමාපට 125කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිත මවලා තියනවා…ඉතින් Shiva Rajkumar ට කන්නඩ සිනමාව තුළ Karunada Chakravarthy කියලා අනුවර්ථ නාමයකුත් පටබැදිලා තියනවා..ඒ වගේම කන්නඩ සිනමාව ඇරුණම අනෙකුත් ඉන්දියානු සිනමාවන් තුළත් ශිවරාජ්කුමාර් විසින් චරිත මවලා තියනවා..මෑතක නිකුත් වුණ Jailer (2023) චිත්‍රපටයටත් රංඟනයෙන් දායක වුණා මතක ඇතිනේ..ඇත්තටම Rajkumar කියන පවුලම කලා පවුලක් කිව්වොත් හරි..මොකද Shiva Rajkumar ගේ තාත්තා වුණ Dr.Rajkumar කියන්නෙත් පැරණි කන්නඩ සිනමාවේ දැවැන්තම චරිතයක්..ඊට අමතරව පවුලේ වැඩිමලා වුණ Shiva Rajkumar ගේ මල්ලිලා දෙන්නත් කන්නඩ සිනමාවේ දැවැන්තම චරිත දෙකක්..ඒ තමයි Raghavendra Rajkumar සහ කන්නඩ සිනමාවම හඬවමින් 2021 දි මෙලොවින් සමුගත්ත Puneeth Rajkumar..

Raghavendra Rajkumar on X: "Good morning Have a wonderful day Take care Jai Anjeneya Jai Gurudev ??? https://t.co/YofA9jH4t9" / X

Raghavendra Rajkumar සහ Puneeth Rajkumar

ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කෙටියෙන් කිව්වොත්,

මේක ආරම්භ වෙන්නේ උතුරු කලාපීය මධ්‍යම බන්ධනාගාරය පෞද්ගලීකරණ කිරීම ( බන්ධනාගාර පෞද්ගලීකරණය :- රජය බන්ධනගාර ගොඩනැගිලි ගොඩනඟා එහි අයිතිය රඳවා ගනිමින් බන්ධනාගාරය ක්‍රියාත්මක කිරීමේ අයිතිය වාණිජ ව්‍යාපරයකට හෝ ලාබ අපේක්ෂා නොකරන සංවිධානයකට ලබා දීම ) වෙනුවෙන් සංවිධානය කරලා තිබ්බ උත්සවයක් අතරතුර මැර කල්ලියක් විසින් උතුරු කලාපීය බන්ධනාගාරයට ඇතුල් වෙලා ස්වේදේශ කටයුතු ඇමති සහ හිටපු CBI ප්‍රධානී වාමන් ශ්‍රීනිවාසන් ඇතුලු ප්‍රභූවරුන් සමඟම මුලු බන්ධනාගාරයම තමන්ගේ පාලනයට අරන් සියලු දෙනාව ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ..ඉතින් මේක ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් නිසා මේ ප්‍රාණ ඇපකාරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම විශේෂ කාර්ය බළකා නිළධාරි චෙංගප්පට පැ⁣වරෙනවා..ඉතින්,

  • මේ මැර කල්ලිය කවුද?
  • කවුද එයාලගේ ප්‍රධානියා?
  • ඇයි මේ වැඩේට බන්ධනාගාරයම තෝරගත්තේ..?
  • මොකද්ද මේ දේවල් වලට හේතුව සහ අවසානයේ කුමක් සිද්ධ වෙයිද?

කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට චිත්‍රපටය නරඹන්නම වෙනවා..

Ghost Twitter Review: "ಎಲ್ಲಾ ಮಾಸ್‌ಗಳಿಗೂ ಶಿವಣ್ಣನೇ ಬಿಗ್ ಡ್ಯಾಡಿ.. ಶ್ರೀನಿ ಹುಚ್ಚು ಹಿಡಿಸವ್ನೆ": ಫ್ಯಾನ್ಸ್ ರಿವ್ಯೂ | Ghost Movie Twitter Review: What Twitter Users Are Saying About 'Ghost ...

(සිනමාපටයේ Shiva Rajkumar ගේ Entry එක සිනමාශාලාව තුළ උද්දාමයෙන් සමරණ ප්‍රේක්ෂකයන්)

එහෙනම් ලිපියත් ගොඩක් දිග වුණ එකේ මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ..අවසාන වශයෙන් මට මේ වැඩේට උදව් කරපු අපේ පීටර් බාත්ලට් අයියටත් ස්තූතිවන්ත වෙනගමන්ම ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා.. තවත් සිංහල උපසිරැසියක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.. එහෙනම් හැමෝටම,

බුදු සරණයි..

Ghost (2023) Sinhala Subtitles
Original title Ghost
IMDb Rating 8.5 6,327 votes
TMDb Rating 2 1 votes

Similar titles

Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Jiivi 2 (2022) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published