Friendship (2021) Sinhala Subtitles

Friendship (2021) Sinhala Subtitles

Sep. 17, 2021India113 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Friendship (2021) Sinhala Subtitles)  (Friendship 2021 Sinhala Sub)

එයාගේ ලෝකය පොඩියි..ඒක තුල තමයි එයා ජීවත් වෙන්නේ…

එයා ආදර කරන ඕනිම කෙනෙක් වෙනුවෙන් එයා ඕනිම දෙයක් කරනවා..

අනිතා තමයි අපේ පවුලේම සතුට..

මට හැමදේම තෙරේසා මව්තුමිය තමයි..
ඒත් දැන්..

මට හැම දේම ඔයාලා තමයි කොල්ලනේ..

මම හිතන්නේ ඔයාලා හැමෝම මට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් කියලයි..

මගේ යාළුවෝ කිසිම වැරැද්දක් නැතුවයි අල්ලගෙන ඉන්නේ..

අද මම ඇවිදින්නෙත් මගේ යාළුවෝ හින්දයි..

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න මම අලුත්ම දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා. නම තමයි Friendship…මේකෙ අපි ක්‍රිකට් පිස්සොනම් හොදට දන්න ඉන්දියාවේ ක්‍රිකට් තරුවක් තමයි ප්‍රධාන චරිතෙට රගාපාන්නේ. ඒ හරිබජාන් සින්..එයා තමයි මේකෙ ප්‍රධාන නළුවට රගපාන්නේ..කොහොම හරි 2018 තිරගත වුන කුවීන් (Queen) කියන මලයාලම් චිත්‍රපටයේ රීමේක් එකක් විදිහට මේක හදුන්වන්න පුළුවන්.

මේ චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ මෑත කාලයේදී. අධ්‍යක්ෂවරයා තමයි Jhon Paul Raj…Friendship කියන්නෙ Sport/Comedy ඝනයට අයිති වෙන ෆිල්ම් එකක්.

මේ චිත්‍රපටයට රංගනයෙන් Action King නමින් දෙමළ සිනමාවේ නම් ලත් Arjun Sarja සමගින් Harbhajan Singh. ඔහු ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම හුරුපුරුදු මූණක්. හේතුව ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් වශයෙන් Harbhajan කටයුතු කළා. ඒවගේම මේ ඔහුගේ පළවෙනි ප්‍රධාන චරිතය. තව Losliya Mariyanesan, Sathish මෙම චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා

අනිතා කියන්නේ අදුනන, නාදුනන ඕනි කෙනෙක් එක්ක කාට වුනත් උදව්වක් කරන්න පැකිලෙන්නේ නැති කෙනෙක්. එයා හිනාවුනේ හදවතින්මයි. මෙහෙම ඉන්න මෙයා කොලේජ් ජීවිතයට ඇතුල් වෙන්නේ ඉංජිනේරු අංශයෙන් ඇතුලත් වෙලා රටේ ලොකු තැනකට යන්න ආශාවත් එක්කයි. ඒත් කැම්පස් එක ඇතුලේ අනිතාව ප්‍රසිද්ධ වුනේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයට ඇතුල්වුන එකම කෙල්ල එයා විතරක් හින්දයි. කොල්ලො ගොඩක් මැද්දේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න එකම කෙල්ල තමයි අනීතා. කෙල්ලෙක් එනව කිව්වම ඉතින් අපේ කොල්ලන්ට මොන වගේ ඇද්ද කිව්වට මේතේ වෙන්නෙනම් අනිත් පැත්ත. ඒ කිව්වේ මේ පීඨෙට කෙල්ලෙක් එනවා කිව්වම කොල්ලො ටික එකගතාවයකට එනවා එයා දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා කියලා. ඒත් ඒක වැඩිකල් යන්න වෙන්නේ නෑ, අනිතාගේ ලස්සන මේ කොල්ලන්ට පිස්සුවක් කරනවා. වැඩි කල් යන්න කලින් පීඨෙ හැම කොල්ලෙක්ගෙම හිත මොලොක් කරන්න අනිතගේ ආදරේට පුළුවන් වෙනවා. අනිතා භේදයකින් තොරව හැම පිරිමි ළමෙක්ටම ආදරේ කරා.

යාන්ත්‍රික ඉංජිනේරු පීඨෙ කොල්ලන්ට ඕනිම නෑ කියලා හිතපු අනිතාව අන්තිමට එයාලගේ හොදම යාළුවෙක් වෙනවා.අනිත් හැම කෙනෙක්ටම තිනෙවා වගේ චින්නුටත් එයාගේ ජීවිත කථාවේ දුක් බර කථාවක් තිබුනා.ඒත් ඒ කදුළු වලට පුළුවන් වුනා මේ මිත්‍රත්වයේ නාමයෙන් හිනාවකින් සැරසිලා ඉන්න. ඒත් ඒක ටික දවසකට විතරයි.

විද්‍යාල භුමියේදි මෙන්ම පිටතදීත් රන් සමනල රෑනක් ලෙසින් සැරිසැරු මේ මිතුරු කල්ලියට එල්ලවන දෛවයේ මරු පහරකට අනුව එක්තරා දිනයකදී අනිතා සමූහ දූෂණයට ලක්වි ඝාතනය වීමෙන් පසු ඊට සැක පිට මේ මිතුරන් සියළු දෙනා අත්අඩංගුවට පත් වන්නේ අවාසනාවන්ත ලෙසටය.
මේ පසුබිම මත මේ අසරණ වු යහළුවන්ට නීතියේ රැහැනෙන් මිදී නැවත එන්නට හැකි වෙනවද..? අනිතාව මැරූ ඝාතකයන් සොයා ගනීවිදි..

එහෙනම් මේසිනමා පටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Comedy,Thriller,Romance
අධ්‍යක්ෂණය : Jhon Paul Raj, Sham Surya
රංගන ශිල්පීන් : Harbhajan Singh, Arjun Sarja, Losliya Mariyansan, Sathish
ධාවන කාලය : 2h 20 min
තිරගත කල දිනය : 17 September 2021
IMDB අගය : 5.8/10

(Friendship 2021 Sinhala Subtitle)

Friendship (2021) Sinhala Subtitles
Original title பிரண்ட்ஷிப்
IMDb Rating 5.4 934 votes

Similar titles

The Family Star (2024) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Predator: Badlands (2025) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published