
Firestorm (2013) Sinhala Subtitles මේ වතාවේ අරගෙන ආවේ හොං කොං ෆිල්ම් එකක්. මං බලපු හොඳම ඒවායින් එකක් කියලා කියන්න ඕනේ.මේක අයිත් වෙන්නේ ඉතින් Action, Crime, Thriller ගණයට තමයි. මට අහම්බෙන් තමයි මේක යාලුවෙක්ගෙන් හම්බවුණේ. සුපිරි ගණයේ එකක් හින්දා සබ් නොකර ඉන්නේ කොහොමද! මේකේ තියෙන ඇක්ෂන් ගැන නම් ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. සුපිරිම තමයි. සැක නම් Trailer එක බලන්න. වෙඩි තබාගැනීම්,
සටන් පිරුණු චිත්රපට වලට කැමති අය නම් මේක මඟහරින්න හොඳ නෑ. සිද්ධිය ගෙතිලා තියෙන්නේ හොං කොං වල පොලිස් පරීක්ෂකවරයෙක් සහ ඔහුගේ පන්තියේ හිටපු යාළුවෙක් වටා. යාලුවා හිරෙන් නිදහස් වුණාට පස්සේ අපරාධ කල්ලියකට එකතු වෙනවා. ඉතින් මේ කල්ලිය බිහිසුණු අපරාධ තමයි කරන්නේ. මේ පරීක්ෂකවරයා හෙන ගේමක් දෙනවා මේ සෙට් එක අල්ලගන්න. එක අවස්ථාවකදී එයාගේ ඔත්තුකාරයාවයි, ඔත්තුකාරයාගේ දූවයි දෙන්නම මේ කල්ලිය විසින් මරලා දානවා. ඉතින් කොහොමහරි පරීක්ෂකවරයාගේ අපරාධ යාලුවා අන්තිමේදී එයාගේ පෙම්වතියගේ බලකිරීම හින්දා මේවායින් මිදෙන්න තීරණය කරනවා. එයාට අන්තිමේදී වෙන්නෙත් මොකද කියලා බලාගන්නකෝ.