
කොහොමද යාලුවනේ ඔන්න අදත් මං සුපුරුදු විදිහටම ඔයාලට අරගෙන ආවේ තවත් එක සුපිරි චිත්රපටියක්. වෙනදා වගේම කැම් පිටපතට සබ් එක කරන් හිටිය නිසා තමයි ෆිල්ම් එක ඇවිල්ලා පැය කීපයක් ඇතුළේ සබ් එක දෙන්න අපිට පුලුවන් වුණේ.
හරි දැන් ඔයාලා හැමෝම දන්න ආසා කරන ප්රසිද්ධ චිත්රපටි මාලාවක්නේ හැරි පොටර් කියන්නේ. ඉතින් J.K Rowling මහත්මිය රචනා කරපු මේ හැරි පොටර් කියන්නේ අද්විතීය නිර්මාණයක්.
කොහොමහරි මෙතනින් නැවතුණේ නැති රව්ලින්ග් මහත්මිය Fantastic Beasts කියලා අලුත් කතා මාලාවක් රචනා කරන්න පටන් ගන්නවා. මේකත් මායා ලෝකෙටම අයිති කතාවක් විදිහට තමා නිර්මාණය වෙන්නේ. කතා කාලය වෙන්නේ හැරීට කලින් ඒ කියන්නේ ඩම්බෙල්ඩෝගේ තරුණ කාලය ගැන. හොඳයි ඔයාලා ඒක දැනටමත් දන්නවා ඇතිනේ. මොකද මේ කතා මාලාවෙත් දැනට චිත්රපටි 2ක් නිකුත්වෙලා ඉවරයි. මේක තමා 3වෙනි එක. තවත් චිත්රපටි 2 හෝ 3ක් එන්න නියමිතයි.
හැමෝම දන්නවනේ මේ කතාමාලාවේ දුෂ්ටයා කවුද කියලා. ඔව් ඒ ගෙලර්ට් ග්රින්ඩ්ල්වෝල්ඩ්. අන්න ඒ චරිතය නම් මේ චිත්රපටියෙදී වෙනස් වෙනවා. ජොනීඩෙප් රඟපාපු මේ චරිතයට Mads Mikkelsenව ගන්න Warnor bro සමාගම දරදඬු තීරණයක් ගන්නවා ඇම්බර් හාට්-ඩෙප් නඩුව නිසා. මං නම් හිතන්නේ ඒක ටිකක් වැරදි තීරණයක් දෝ කියලත්. මොකද ඩෙප් කියන්නේ ලෝකයක් ආදරය කරන චරිතයක්. ඔහුව අයින් කරපු නිසා සමහර ප්රේක්ෂකයෝ චිත්රපටිය නරඹන එක වර්ජනය කිරීමක් වෙලා තියෙනවා වගේ පේනවා.
මේ චිත්රපටිය තුළ ප්රධානව නිව්ට්, ඩම්බෙල්ඩෝ,ග්රින්ඩ්ල්වෝල්ඩ්, ක්වාල්ස්කි, කුයිනී, ක්රෙඩන්ස්, ලැලී කියන චරිත කිහිපය දැකගන්න පුලුවන්.
මේකෙදි වෙන්නේ මායා ලෝකයට අලුත් නායකයෙක් පත්කරගන්න චන්දයක් පවත්වනවා. මේකට උපක්රමයක් යොදලා ග්රින්ඩ්ල්වෝල්ඩ් උත්සාහ කරනවා තනතුර ගන්න. මේක නවත්වන්න ඩම්බෙල්ඩෝ එයාගේ කණ්ඩායම එක්ක දරන උත්සාහය මේ චිත්රපටියේ නිරූපණය කරනවා. ඒ වගේම මේකෙදි විවිධ ප්රශ්න වලට මූණදෙන්න කට්ටියට සිද්ධවෙනවා. ඒ වගේම ක්රේඩන්ස් කියන චරිතය ඇතුළු හුඟක් චරිත ගැන නොදන්න දේවල් මේකෙදි දකින්න පුලුවන්.
මං මේ ලිපියේ මීට වඩා කතාව ගැන විස්තර කියන්න කැමති නෑ මොකද ඒකේන් වෙන්නේ ඔයාලගේ රසවින්දනය නැතිවෙන එක. ඒ නිසා ඉතුරු ටික ඔයාලට බලන්න කියලා මං ආරාධනා කරනවා.
එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජය!!
ayye doctor stranger gennako
තාම කෑම්