
(Enemy 2021 Sinhala Subtitle)
සුභ දවසක් වේවා හැමෝටම , ඉතිං ඔන කාලෙකට පස්සේ සුපුරුදු විදිහටම තවත් අලුත්ම අලුත් දමිල චිත්රපටයක සිංහල ඉපසිරැසි අරගෙන තමා අපි ආවේ.
මෙම වසරේ තිරගතවීම් ආරම්භ උන චිත්රපට අතර ගොඩක් අය එනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු තවත් චිත්රපටියක් තමා විශාල් සම්ඟින් ආර්යා රංඟනයෙන් දායක වන Enemy (2021) දමිල චිත්රපටය , ඔන්න ඉතිං හැමෝම බලාගෙන හිටියා වගේ ෆිල්ම් එක ආවා හැබැයි ආවේ කලින් පාර ආව විශාල්ගේ චක්රා චිත්රපටයේ වගේම HC- HDRIP එකක් , ඒ කියන්නේ ඉංග්රීසි සබ් එකක් වෙනම එන්නේ නැති ඒ වීඩියෝ කොපියටම ඉංග්රීසි සබ් එකක් හාඩ්කෝඩ් කරලා එන එකක්, ඉතිං ඒ නිසා මේකට අසා ලිවීමක් තමා අපි දෙන්නට කරන්න උනේ.
මේ වන විට 7.8/10 · IMDb අගයක් ලබාගෙන ඇති මෙම චිත්රපටය අධ්යක්ෂනය කරන්නේ Anand Shankar මහත විසින් වන අතර චිත්රපටයේ නිෂ්පාදනය S Vinod Kumar මහතා විසින් සිදු කර ඇත. දක්ෂ දමිල නලුවන් දෙදෙනෙක් වන විශාල් සහ ආර්යා මෙහි ප්රධන චරිතර රඟපාන අතර මෙහි ප්රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ Mirnalini Ravi විසිනි. ඊට අමතරව අපි එදිනෙදා දමිල සිනමාවේ දකින තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
හරි අපි යමු කතාව පැත්තට..
විශ්රාමලත් සීබීඅයි නිලධාරියෙක් වන පාරි රාජන් මහතාගේ එකම පුතා තමා රාජීව් කියන්නේ ඉතිං මේ දෙන්නා රාජීව්ගේ නිවාඩුවට ගමට ආව වෙලේ තමා මෙයාලට චෝලන්ව මුනගැහෙන්නේ , ඉතිං මේ විදිහට මුන ගැහෙන මේ දෙන්නා ගොඩක් හොඳ යාලුවො වෙනවා වගේම දෙන්නම එකිනෙකාට නොදෙවෙනි දක්ෂතා වලින් පිරිපුන් දෙන්නෙක්. මෙහෙම ගෙවෙන මෙයාලගෙ ජීවිතේ එක දවසක පාරිරාජන් මිය යනවා ඒ කොහොමද කියලා මම කියන්නේ නෑ , එයා නිකංම මැරුනද නැත්තන් මැරුවද කියන එක ෆිල්ම් එක ඇතුලෙ තමා තියෙන්නේ, කොහොමින් කොහොම හරි මේ විදිහට ලොකු කාලයක් ගත වෙනවා ඉතිං මේ පාරිරාජන්ගේ මරනයෙන් පස්සේ චෝලන් , රාජීව් දෙන්නා වෙන් වෙනවා ආයේ මෙයාල මුනගැහෙන්නේ හරියටම අවුරුදු 20 කින් ඒ දෙන්නම නොහිතපු විදිහකින්.
එහෙනම් මේ කිව්වා ඇති , තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා..
හැමෝටම බුදු සරනයි.
(Enemy Sinhala Subtitle) (Enemy Sinhala Sub)