Eesho (2022) Sinhala Subtitles

Eesho (2022) Sinhala Subtitles

Not from the BibleOct. 04, 2022India107 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Eesho (2022) Sinhala Subtitles) (Eesho 2022 Sinhala Subtitle) (Eesho Sinhala Subtitle)

දිගු නිහැඬියාවකින් පස්සෙ සුපුරුදු විදියටම අදත් සුපිරි මලයාලම් චිත්‍ර පටයකට උපසිරැසි අරන් ආවා. අවසාන වතාවට උපසිරැසියක් අරගෙන ඇවිල්ලා මතක විදියට අවුරුද්දක් විතර වෙනවා. කොහොම උනත් දැන් වෙබ් අඩවියත් එක්ක විශාල උපසිරැසිකරුවන් සංඛ්‍යාවක් එකතුවෙලා ඉන්න නිසාත් අධ්‍යාපන කටයුතු වලට ලොකු කාලයක් වෙන් කරන්න ඕන නිසාත් වැඩිය ජනතාව අතරට එන්නෙ නැහැ. හොඳ නිර්මාණ නිකුත් වෙද්දි උපසිරැසි කරන්න දහස් වතාවක් හිතෙන්න ඇති. ඒත් ඉතින් කාලය හැම දේකටම හරස් වෙනවනෙ. කොහොම උනත් මතක් කරන්න ඕනා මේ වෙබ් අඩවිය එදා ඉඳලා අදටත් ඒ විදියටම පවත්වගෙන යන සිනෙරූ ඇඩ්මින් මඩුල්ල ගැන. ඒ දවස් වල නම් නිතරම මේ පැත්තෙ කරක් ගැහුවට දැන් නම් වෙලාවක් නෑ කියද්දි, මාව දකිනකොටම උපසිරැසියක් තියෙනවා කරමුද කියලා නිතරම අහන සිනෙරූ ටීම් එකත් බොහොම ආදරයෙන් මතක් කරන්න කැමතියි.

මේ මලයාලම ගැන විස්තර කියනවා නම්, මේක IMDb මීටරේ 8.1 කට කරකවන්න වගේම ගූගල් පරිශීලක මනාප 71% ක් ලබාගන්න සමත් වුන crime/thriller කාණ්ඩයට අයත් වන විනාඩි 107 ක් පුරාවට ඇස් අහකට ගන්නෙ නැතුව බලන්න පුලුවන් සුපිරිම නිර්මාණයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය වන ශිවාගෙ චරිතයට පන පොවන්නෙ මලයාලම් සිනමාව තුලින් නිතර දකින Jayasurya. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Nadirshah විසින්.

මේ කතාවෙ කතා නායකයා තමයි ශිවා. තමන්ගෙ පවුල නඩත්තු කරන්න ඩුබායි ගිහින් රස්සාවක් කරන කාටවත් කරදරයක් නැති කෙනෙක් තමයි ශිවා. ශිවාගෙ දුව ශිවානි හිටි හැටියෙම තමන්ගෙ පාසලේ ගුරුවරයෙකුගෙන් අපයෝජනයට ලක් වීමත් එක්ක තමයි ශිවාගෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ.. ඒත් මේ කතාවට පාදක වෙන්නෙ වෙනත් අපයෝජන සිද්ධියක්. ඒ සිද්ධියෙදි කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි පිල්ලෙඅච්චා… පිල්ලෙඅච්චා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?.. ඇත්තටම මේ කතාවෙ ඊශෝ නැත්තම් ගැළවුම්කාරයා වෙන්නෙ කවුද ?.. මේ අපයෝජන සිද්ධි වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙයිද.. කියලා ඔයාලම බලන්නකෝ..

මේ චිත්‍රපටයේ අඩංගු බොහොම ලස්සන ළමා ගීතයක් වන Minnaminni Penne ගීතයත් උපසි‍රැසි ගන්වලා තියෙන්නෙ.. එහෙනම් බලලා අඩුපාඩු කියාගෙනම යන්නකො.. වෙබ් අඩවියේ පැවැත්මට උපසිරැසි වලින් දායකවෙන වෙබ් අඩවියේ වර්තමාන පුරුක් වලට සුභ පතන ගමන් නැවත කවදා හරි ඉඩක් ලැබුණු ගමන් උපසිරැසියක් ඔයාලට අරගෙන එනවා කියන පොරොන්දුවත් එක්ක අදට නවතින්නම්.

Eesho (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Original title ഈശോ
IMDb Rating 6.1 1,823 votes
TMDb Rating 7 2 votes

Director

Nadirshah
Director

Cast

Jayasurya isEsho/Shivan
Esho/Shivan
Jaffer Idukki isRamachandran Pillai
Ramachandran Pillai
Johny Antony isAdvocate Sebastian Aduppukkunnel
Advocate Sebastian Aduppukkunnel
Indrans isVarghese
Varghese
Yadu Krishnan isVishwambharan
Vishwambharan
Rajith Kumar isPoen Raveendran
Poen Raveendran

Similar titles

Kill (2024) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Shabaash Mithu (2022) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Selfiee (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published