
කොහොමද යාලුවනේ.. ඔන්න අද මං ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් දැවැන්ත නිර්මාණයක් වුණ Marvelලගේ Dr.Strange in the Multiverse Of Madness (2022).. සුපුරුදු විදිහටම මේකත් කැම් පිටපතට උපසිරැසිය කරගෙන හිටියනි සා තමයි ෆිල්ම් එක නිකුත් වෙලා පැය කීපයකින් ඔයාලට දෙන්න පුළුවන් වුණේ.
මේ අවුරුද්දේ මුලම ඔයාලට Marvelලගේ Spiderman: No Way Home, Morbius කියන නිර්මාණ නරඹන්න අවස්ථාව ලැබුණානේ.කොහොමහරි Marvel ප්රේක්ෂකයන්ගෙ ඊළඟ බලාපොරොත්තුව වුණේ Dr Strange. ඒකට සුවිශාල සාධාරණයක් කරන්න අධ්‍යක්ෂක Sam Raimiගේ නැවත MCU ආගමනය සමත්වෙලා තියෙනවා..
අනතුරක් වෙලා ඒකෙන් සිද්ධවුණ ආබාධ හොඳ කරගන්න ගිහින් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන ගමන පටන්ගත්ත ස්ට්‍රෙන්ජ්,දැන් Marvel විශ්වයේ සෑහෙන ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා.. ඒ වගේම Marvelලගේ ප්‍රධාන චරිතයක් බවට දැන් පත්වෙලා ඉවරයි.මේ Dr. Strangeගේ දෙවෙනි සෝලෝ ෆිල්ම් එක..පළවෙනි එක නිකුත් වුණේ 2016දී. ඒක ඔයාලා අනිවාරෙන් බලන්න ඇතිනේ..
මෙතන ඉදලා ලිපිය ටිකක් දිගවෙයි. ඒ නිසා කියවන්න අකැමැති නම් පහළට ගිහින් සබ් එක අරන් ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.
හරි අපි දැන් Dr.Strange in the Multiverse Of Madness නිර්මාණය වුණ පසුබිම ටිකක් බලමු.
අද අපි ඔයාලා එකතු වෙලා ඉන්න මේ මොහොත නිර්මාණය වෙන්න පටන් ගත්තේ 2019 වසරේ ජූලි 21, Marvel Studiosහි ප්‍රධානී ලෝර්ඩ් කෙවින් විසින් MCU වල Phase 4 නිවේදනය කිරීමත් එක්ක. 2020 මැයි 1 ඉඳලා පටන්ගන්න නියමිතව තිබුනු Phase 4 සැලැස්ම අනුව MOM චිත්‍රපටය අපිට බලන්න තිබ්බෙ 2021 මැයි 7 වෙනිදා. කොහොම වුණත් මුළු ලෝකෙ පුරාම අවාසනාවන්ත විදිහට පැතිරුණ කොවිඩ්-19 නිසා අපිට ඒ අවස්ථාව 2021 වසරේ නැතිවුණා..2020 අප්‍රේල් 4 වෙනිදා වෙද්දි Marvel Studios එයාලගේ සියලුම චිත්‍රපට කල් දාන්න තීරණය කරනවා. කොහොම වුණත් ඒ අලුත් දින වැඩිකල් තිබුණේ නැහැ.දැන් ආණ්ඩුව තෙල් මිල සැරෙන් සැරේ ඉහල දානවා වගේ චිත්‍රපට කල් දැමීමත් ඒ කාලේ රැල්ලක් වෙලා තිබුණේ.
ඊටපස්සෙ ප්රේක්ෂකයන්ගෙ වැඩි අවධානයක් යොමු වුනේ Wandavision කතාමාලාවට. මොකද WandaVision සහ MoM නිර්මාණ ඍජුවම එකිනෙක සම්බන්ධයි කියන කාරණය වාර්තා වුන නිසා. 2020 ජූලි-අගෝස්තු-සැප්තැම්බර් වගේ වෙද්දි MoM ගැන රූමර්ස් පටන්ගන්නවා.
වොන්ඩාගෙ නිවුන් දරුවන් වන Speed සහ Wiccan දෙන්නා MoM එකේ ඉන්නවා කියන රූමර් එකත් පැතිරෙනවා. මුලින්ම ඉන්නේ WandaVision සීරීස් එකේ කියන රූමර්ස් එක්කමයි මේ කතාව පැතිරෙන්නෙ..මේ අතරෙ WandaVision කතාමාලාවේ ටීසර් එකක් නිකුත් වීමත් එක්ක කලින් සඳහන් කරපු twins ලගෙ කතාව තහවුරු වුණා.
2020 ඔක්තෝබර් 1වෙනිදා Benedict Cumberbatch කියනවා ඔක්තෝබර් අවසානයේ MoM චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගනී කියලා..2020 ඔක්තෝබර් 9 වෙනිදා Benedict Cumberbatch aka අමුතු දොස්තර මහත්තයා NWH චිත්‍රපටයට එකතු වෙන බව තහවුරු කරනවා..ඒ අනුව MoM සහ NWH චිත්‍රපට අතර ඍජු සබඳතාවක් ඇති බවට මත පල වෙනවා..2020 ඔක්තෝබර් 16 වෙනිදා සිදුවූ MoM සම්බන්ධ තවත් විශේෂිතම සිදුවීමක් තමයි Xochitl Gomez ගෙ එකතුවීම. චරිතය ප්‍රකාශයට පත් වුනේ නම් නැහැ.
කොහොමහරි 2020 නොවැම්බර් වලින් පස්සේ Benedict Cumberbatch,ඇට්ලැන්ටා වල NWH රූගත කිරීම් වල ඉන්න බව තහවුරු කරනවා..මේ දවස් වලම තවත් මතු වෙන රූමර් එකක් තමයි වෙනත් විශ්වයක ස්ට්‍රේන්ජ් කෙනෙක් විදිහට Joaquin Phoenixව යොදාගන්න මාර්වල් අදහස් කරන එක..ඒ අතරෙ කෙවින් ෆයිගි ප්‍රකාශ කරනවා ස්ට්‍රේන්ජ්ට වගේම වැදගත් කොටසක් MoM හිදී වොන්ඩාටත් ලැබෙනවා කියලා. Lizzie Olsen තහවුරු කරනවා කොවිඩ්-19 නිසා වූ සීමා කිරීම් නිසා කල්ගිය රූගත කිරීම් දෙසැම්බර් පටන්ගන්නවා කියලා. ඒ වගේම එක දිගට වොන්ඩා චරිතය WandaVision සහ MoM වෙනුවෙන් රූගත කිරීමට ලැබීමත් එක්තරා ආකාරයක පහසුවක් කියලා ඇය කියනවා.
‘2021 ජනවාරි 15 වෙනිදා WandaVision විකාශනය ආරම්භ වීමත් එක්ක mcu phase 4 අලුත්ම ගමන පටන්ගත්තා..ඉතින් කවුරුත් WandaVision දිහා බලාගෙන හිටියේ කොහොම මේ සිදුවීම් මාලාව MoM එකට බලපායිද කියල දැනගන්න.. ප්‍රේක්ෂකයා කළඹන තවත් රූමර් එකක් පැතිරෙන්නෙ පෙබරවාරි වගේ වෙද්දි. ඒ තමයි Hugh Jackman වුල්වරීන් ලෙස MoM චිත්‍රපටයට එකතු වෙලා කියන එක. රූමර් එකත් එක්ක ෆෑන් ආර්ට්ස් හැමතැනම සංසරණය වෙන්න පටන් ගන්නවා. මේකට තවත් හේතුවක් වුනේ Wandavision හි Ivan Peters ආයෙත් Quicksilver විදිහට දකින්න ලැබුනු එක. මේ අතරෙ Wandavision කතාමාලාවේ අධ්යක්ෂ Matt Shakman ප්‍රකාශ කරනවා Scarlet Witchගේ කතාව මෙතනින් ඉවර නෑ කියලත්, MoM එකේදී ලොකු දෙයක් ඇයගෙන් බලාපොරොත්තු වෙන්න කියලත්.
2021 මාර්තු 5 Wandavision ඉවර වෙන්නේ Multiverse of Madness චිත්‍රපටයට එක් කෝණයකින් පාර හදල දෙමින්..ජූනි මාසෙ මුල වෙද්දි පැතිරුණු තවත් රූමර් එකක් තමයි Clea චරිතයේ mcu ආගමනය MoM තුලින් සිද්ධ වෙන බව. Dark Dimension Sorceress Supreme වගේම Strangeගේ වයිෆ් බවට පත්වෙන චරිතෙ තමයි Clea. ඒ අතර ප්‍රකාශයට පත්වෙනවා චිත්‍රපටය Dark Tone එකකින් බලාගන්න පුලුවන් කියලා.
ඒ වගේම Wandavision හි නොදැක්ක වොන්ඩාගෙ Sokovian Accent එක MoM තුලදී බලාගන්න පුලුවන් බව Lizzie පැවසුවා.මේ අස්සෙ කෙවින් ෆයිගි විසින් ප්‍රකාශයක් කරනවා, ස්කාර්ලට් විච්ගෙ කතාව MoM එකෙන් පස්සෙ තවත් තැන් වලදී දිගහැරෙන්න නියමිතයි කියලා.
Loki කතාමාලාව තුලින් timeline එක ගැන ලොකු තියරියක් mcu එකට අරන් එමින් හිටපු කාලයක් තමයි මේක. එතකොට මේ කතාවත්, wandavision කතාවත් MoM කතාවත් එකිනෙක සම්බන්ධ වෙන බව ඒ වෙද්දිත් විවිධ වාර්තා වල කියවුනා.
අගෝස්තු 11 සිට විකාශනය ආරම්භ වුණ What If..? කතාමාලාව වෙනුවෙන් නිකුත් වුණ ට්‍රේලර් එකෙන් මල්ටිවර්ස් සංකල්පය ගැන කාරණා ගොඩක් බලාගන්න අපිට පුලුවන් වුනා. මල්ටිවර්ස් එක ඇතුලෙ අපි දැකපු mcu කතා කොහොම වෙනස් වෙන්න පුලුවන්ද? ඒ චරිත වලට හිමිවුන වෙනස්ම ප්රතිරූප මොනවද? කියලා බලාගන්න ට්‍රේලර් එකෙන් පුලුවන් වුනා. MoM බලන්න කලින් බැලිය යුතුම සීරීස් එකක් විදිහට මේ ඇනිමේශන් සීරීස් එක ප්‍රේක්ෂකයන් අතරට ගියා. මේ අතරේ Lizzie Olsen පවසනවා ප්‍රේක්ෂකයා අතරට එන බිය ජනකම චිත්‍රපටය තමයි Sam Raimi අතින් මේ නිමවෙලා තියෙන්නෙ කියලා. Loki කතාමාලාවේ අවසානයෙන් පස්සෙ කෙවින් ඇතුලු මාර්වල් ස්ටූඩියෝස් නිර්මාණකරුවන් ‘මල්ටිවර්ස් සංකල්පය තුල තිබිය යුතු නීති’ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් හෙලිකරනවා..
Loki කතාමාලාවේ අපිට හම්බුන Kid Loki චරිතයත් Bily & Tommy maximoff දෙන්නත් MoM චිත්‍රපටයෙදි බලාගන්න පුලුවන් වෙයි කියලා ඒ දිනවල රූමර්ස් පැතිරෙනවා. ජූලි 22 වෙද්දි තවත් බරපතල රූමර් එකක් එලියට එනවා. ඒ තමයි Harley Atwell, MoM චිත්‍රපටයට කැප්ටන් කාර්ටර් විදිහට එකතුවෙන බව..මේ කාරණාවට ඒ ආසන්න කාලයේ ලොකු තැනක් සමාජ මාධ්‍ය තුල ලැබුනා.
What If..? කතාමාලාව විකාශනය ආරම්භ වීමත් එක්ක මල්ටිවර්ස් සංකල්පය ගැන ප්රේක්ෂකයො වැඩි වැඩියෙන් හොයන්න ගත්තා. අපි දැක්ක චරිත, නොහිතපු ආකාරයකට දකින්න මේකෙන් ඉඩ සැලසුනා. MoM චිත්‍රපටයේදි මේ චරිත බොහොමයක් දැකගන්න ලැබෙයි කියලා වාර්තා පල වුනේ මේ කාලෙදියි…කැප්ටන් කාර්ටර්, ටි’චල්ලා ස්ටාර්ලෝර්ඩ්, සුප්‍රීම් ස්ට්‍රේන්ජ්, මාර්වල් සොම්බීස්, අල්ට්‍රෝන්ගේ මල්ටිවර්සල් ආක්‍රමණය එක්ක ප්‍රේක්ෂකයා මල්ටිවර්ස් සංකල්පයට බොහොම සමීප වුනා. මේ අතරෙ Lizzie පවසනවා Wandavision හි දුටු ස්කාර්ලට් විච්ට වඩා හාත්පසින්ම වෙනස් ස්කාර්ලට් විච් කෙනෙක් MoM හි ඉන්න බව.
ඒ වගේම මේ සඳහන් කරන කාලෙදි මල්ටිවර්ස් සංකල්පය නිල වශයෙන් mcu වෙත ගේන චිත්‍රපටය විදිහට No Way Home චිත්‍රපටයට දැඩි අවධානයක් මුලු ලෝකෙම යොමුවෙලා තිබ්බා. ස්ට්රේන්ජ්ගෙ මැදිහත් වීම නිසා MoM සිදුවීම් වලට ඍජුවම No Way Home බලපාන බවත් වාර්තා වුනා. No Way Home උණුසුම මැද ස්කාර්ලට් විච් සහ Professor X අතර ලොකු සටනක් MoM හිදී දැකගන්න පුලුවන් වෙයි කියලා රූමර්ස් පැතිරෙන්න ගන්නවා.
ඒ වගේම මේ කාලෙ වෙද්දි MoM reshooting කෙරෙමින් පැවතුනා. වරින් වර කොවිඩ්-19 නිසා කල්දැමුණු නිසා තමයි මෙහෙම කරන්න සිද්ධ වුනේ. Lizzieගේ ශූටින් ඉවරයි කියලත් වාර්තා වුනා ඒ දිනවල. ඊට පස්සෙ එළඹුනේ රූමර්ස් වර්ෂා සමයක් කිව්වොත් වැරදි නැහැ.
⚪️ වුල්වරීන් සහ Wanda අතර සටනක් සැලසුම් කරල තිබිලා පසුව ඒක අයින් කළා කියල වාර්තා වෙනවා.
⚪️ Sylvie, Loki සහ Mobius තිදෙනා MoM හි දැකගැනීමට හැකි බව වාර්තා වෙනවා.
⚪️ සුප්‍රීම් ස්ට්‍රේන්ජ් දැකගන්න පුලුවන් බව වාර්තා වෙනවා.
⚪️ ක්‍රිස්ටීන් විවාහ වෙන්නෙ ස්ට්‍රේන්ජ් සමඟ නොවන බව වාර්තා වෙනවා.
⚪️ පැට්රික් ස්ටුවර්ට් Professor X ලෙස එක්වුන බව වාර්තා වෙනවා.
⚪️ වොන්ඩා America Chavez ව ලුහුබඳින අතර ඇයව ආරක්ෂා කරන්න ස්ට්‍රේන්ජ් මැදිහත් වන දර්ශනයක් ඇති බව වාර්තා වෙනවා.
⚪️ Ultron Sentries ලා ඉන්න බව වාර්තා වෙනවා.
⚪️ White Vision ඉන්න බව වාර්තා වෙනවා.
⚪️ අවසන් සටනට බලවත් චරිතයක් විදිහට Ghost Rider එකතු වෙන බව වාර්තා වෙනවා.
⚪️ චිත්‍රපටය අවසන් වෙන්නේ Mutants ලාගෙ ආගමනයත් එක්ක බව වාර්තා වෙනවා.
⚪️ Clea විදිහට MoM එකේ ඉන්නෙ Charlize Theron බව වාර්තා වෙනවා.
⚪️ Deadpool ව Illuminati විසින් අල්ලගෙන ඉන්න බව වාර්තා වෙනවා.
⚪ ටොම් කෲස් Superior Iron Man විදිහට ඉන්න බව වාර්තා වෙනවා.
එකී මෙකී නොකී රූමර්ස් වරුසාවක් අස්සෙ ඔක්තෝබර් 18 වෙනිදා චිත්‍රපටය නැවතත් කල් දානවා. 2022 මාර්තු 25 තිරගත වෙන්න තිබ්බ චිත්‍රපටය මැයි 6ට කල් දාන්නෙ අනෙක් සියලුම මාර්වල් චිත්‍රපටත් පස්සට දමමින්. Benedict Cumberbatch ඒ අතරෙ ප්‍රකාශ කරනවා හොඳම solo superhero චිත්‍රපටය No Way Home කියල කියන්න පුලුවන් වෙන්නෙ MoM එනකන් විතරයි කියලා. ඒ වගේම දෙසැම්බර් මස තවත් Reshooting වගයක් කරන බව ඔහු කියනවා.
ඒ වෙනුවෙන් පිටපතේ යම් යම් වෙනස් කම් ඒ වෙද්දි සිදුවෙමින් පැවති බව වාර්තා වුනා..මේ reshooting ගොඩක් cameos සම්බන්ධ ඒවා බවත් වාර්තා වුනා..ඒ අනුව දෙසැම්බර් 17 සිට ලොවපුරා තිරගත වීම ඇරඹුණු NWH චිත්‍රපටයත් එක්ක පලමු MoM ටීසර් එක නිකුත් වුනා. චිත්‍රපටයේ අවසානය ඍජුවම MoM වෙත පාර කපපු බව ඔයාල අපි දැක්කා. 2021 දෙසැම්බර් 22 වෙනිදා නිල වශයෙන් MoM ටීසර් ට්‍රේලරය අන්තර්ජාලයට මුදා හරින්නේ mcu රසිකයන්ව යම් තරමකට උන්මන්තකයන් කරමින් කිව්වොත් වැරදි නැහැ..ස්කාර්ලට් විච්ගේ රූපරාමු සහ අන්තිමට පෙන්වපු sinister strangeගේ දර්ශනත් එක්ක ප්‍රේක්ෂකයා අන්දමන්ද වෙලා හිටපු කාලයක් ඒ.
2022 අවුරුද්දෙ ගොඩ දෙනෙක් බලන් හිටපු Cinematic Experience එක තමයි, Dr. Strange in the Multiverse Of Madness.මං ඔයාලට වෙනදා වගේ ෆිල්ම් එකේ සිද්ධවෙන කතාව කෙටියෙන්වත් කියන්න යන්නේ නෑ. මොකද මේක තමන්ම බලන්න ඕන වෙනම අත්දැකීමක්..බලාපොරොත්තු නොවන Plot එකක් සහිත Dr.Strange in the Multiverse Of Madness ෆිල්ම් එක MCU වල විශේෂම ෆිල්ම් එකක් වගේම MCU වල Horror Vibe එකක් දෙන්න සමත් වුන පළවෙනිම ෆිල්ම් එක.
Marvel Fansලට අමුතුම Experience එකක් දෙන්න සමත් වුණු Sam Raimiගේ Dr. Strange in the Multiverse Of Madness ෆිල්ම් එකේදි Dr.Strangeගේ බහුවිශ්වයේ ත්‍රාසයජනක චාරිකාවට වොන්ඩාගේ ආගමනය කොහොම බලපායිද?
වොන්ඩා බහුවිශ්වයට කරන්න යන්නෙ මොකක්ද??
Dr.Strange බහුවිශ්වයේ අතරමං වෙයිද??
Dr.Strange සහ වොන්ඩා නිසා බහුවිශ්වය අවුල් වෙයිද??
පැය 2යි විනාඩි 6ක ධාවන කාලය තුල Balanced Plot එකකින් සුපිරිම Horror Vibe එකක් දෙන MCU අනාගතය වෙනස් කල Dr.Strange in the Multiverse Of Madness ෆිල්ම් එක Marvelලගේ සුපිරිම ෆිල්ම් එකක් කියලා කිසිම සැකයක් නැතුව හඳුන්වල දෙන්න පුලුවන්..මොහොතින් මොහොතට ප්‍රේක්ෂකාගාරය පුදුම කරවන Multiverse Of Madness ඔයාලගෙත් කැමතිම Marvel ෆිල්ම් ලිස්ට් එකට එකතුවෙනවා කියන එකනම් නොඅනුමානයි…
ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!
Supiri film ekak
ලින්ක් දාලා තියෙන්නේ
Cam copyak da
naha