
(Devil’s Island (2021) Sinhala Subtitles) Devil’s Island (2021) බය හිතෙන චිත්රපටි ගනයට දාලා නිෂ්පානය කෙරුණු තවත් ඇමරිකානු චිත්රපටියක්. මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් කෙරුණත්, ලොකු ජනප්රියතාවයක් ලබා ගන්න මේකට හැකිවුනේ නෑ. ඒකට හේතුව තිර රචනයේ දුර්වලකම කියලයි මගේ අදහස. මේ සිද්ධි මාලාව, මීට වඩා හොඳට ලියන්න අවස්ථාව, තිර රචකයන්ට තිබුණා. බය හිතෙන තැනකට මේක ගේන්න අධ්යක්ෂකවරයා උත්සාහ කලත්, ඒ සිදුවීම් බය හිතෙන විදියට ලියවිලා තිබුනේ නෑ. ප්රධාන චරිතය කරපු නිලියගේ දක්ෂ රඟපෑමක් දකින්න නොලැබුනත්, ඇයගේ ලස්සන හැඩරුව, චිත්රපටියට භාවිතා කරලා තියෙනවා. රේටිං ගැන හෙව්වාමත් දකින්න පුළුවන් දේ තමයි, වැඩි දෙනෙක් රේටිං කරන්නවත් උනන්දු වෙලා නැති එක.
මේ චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sean King සහ Taylor King කියන පිය පුතු දෙපල. මේ ඔවුන්ගේ දසවන නිර්මාණය. මෙහිදී තිර රචනය පවා කරලා තියෙන්නේ මේ දෙන්නාමයි. සුළු චරිත ප්රමාණයක් යොදාගෙන තියෙන නිසා, රඟපෑමෙන් දායක කරගෙන තියෙන්නේ ජනප්රිය චරිත නෙමෙයි. කොහොමවුනත්, රඟපෑමෙන් එක්වෙලා තියෙනවා, Elle Alexander (සමන්තා), Kristjan Sokoli (මයිකල්), Pete Berwick (මෝර්ට්), Cliff Yates (ශෙරිෆ්) ඇතුලු පිරිසක්.මේ චිත්රපටියත් පසිඳු මධුරංග සහෝදරයාගේ ඉල්ලීමක්.
කතාව කෙටියෙන් කියනවා නම්, සමන්තාගේ සීයා සහ ආච්චි, එල්ම් ගහ දූපතේ දී මියයනවා. ඔවුන්ගෙන් පසු මේ දූපතේ අයිතිය පැවරෙන්නේ සමන්තාට. ඇය තීරණය කරනවා, තනියම මේ දූපතේ පදිංචියට එන්න. හැබැයි, ආපු වෙලාවේ ඉඳලා ඇයට මේ පැත්ත ගැන අමුත්තක් දැනෙනවා. මෙහෙ ඉන්න අය, සමන්තා නවතින්න ආපු එකට කැමැත්තක් නැති බව දැනෙන්නේ. ඒ අතරේ, වෘක ගෝත්රයකුත් මේකට සම්බන්ධ වෙනවා. ඇයගේ ඉදිරි ජීවිතය කොයි වගේද? සමන්තා මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මේවා දැනගන්න, සිංහල උපසිරැසි සමඟ මේ චිත්රපටිය රසවිඳින්න. ජයවේවා!!!