Video Sources 899 Views

  • Watch trailer
Daaku Maharaaj (2025) Sinhala Subtitles

Daaku Maharaaj (2025) Sinhala Subtitles

Jan. 12, 2025India147 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Daaku Maharaaj (2025) Sinhala Subtitles) (Daaku Maharaaj (2025) Sinhala Sub) (Daaku Maharaaj Sinhala Subtitles) (Daaku Maharaaj Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට උණු උණුවෙම රස විදින්න පුළුවන් අළුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අද මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ ඩාකු මහරාජ් ෆිල්ම් එක, බොබී කෝලිගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ සොදුරු සිනමා සිත්තම පසුගිය ජනවාරි 12 වෙනිදා තිරගතකිරීම් ඇරඹූ අතර එහි ආදායම දින 15ක් යන්න මත්තෙන්ම ඉන්දියානු රු. කෝටි 100 පහු කරනු ලබනවා. පැය 2යි මිනිත්තු 20 කට ආසන්න ධාවන කාලයක් හිමි මේ ඩාකු මහරාජ් ෆිල්ම් එක සදහා පිරිවැර ලෙස ඉන්දියන් රු.කෝටි 70-100ක් ගිහින් තියෙනවා වගේම මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රු.කෝටි 115-165 කට ආසන්නයි. ඇක්ෂන් – ඩ්‍රාමා ශානරය යටතේ දුවන මේ ෆිල්ම් එක තියෙටර් නොබැලුවත් OTT හරහා බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා මට කියන්න පුළුවන්

#NBK-109 හෙවත් නන්දමුරි බාලක්‍රිෂ්ණා රංගනයෙන් දායක වෙන ඔහුගේ 109 වෙනි සිනමාපටයෙන් අපිට සුපුරුදු බාලක්‍රිෂ්ණාගේ චරිතයෙන් ඔබ්බට ගිහින් බාලයියා 2.0 වර්ෂන් එකක් බලාගන්න පුළුවන් වෙනවා.. ඒ මොකද කිව්වොත් සාමාන්‍යයෙන් බාලයියාගේ අතාත්වික රංගනය නිසා මීට පෙර ආපු ඔහුගේ ෆිල්ම් රැසක්ම සිනමාලෝලීන්ගේ දැඩි විවේචන වලට ලක් උනා.. මීට කලින් ආපු භගවන්ත් කේසරී ෆිල්ම් එකටත් එහෙමයි. ඒත් ඒ කලින් ආපු ෆිල්ම් වලට වඩා මේ ෆිල්ම් එකට ප්‍රේක්ෂකයින්ගෙයි ඉතාමත් සුභවාදී ප්‍රතිචාර ලැබිලා තිබුනා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Nandamuri Balakrishna – [සීතාරාම්] / [නානාජි] / [ඩාකු මහරාජ්]
Bobby Deol – [බලවන්ත් සිං තාකූර්]
Sachin Khedekar – [ක්‍රිෂ්ණමූර්ති]
Pragya Jaiswal – [කාවේරි]
Shraddha Srinath – [‍නන්දිනි]

මේ කතාව බැදිලා තියෙන්නේ එක පුංචි කෙල්ලෙක්ගේ ඉරණම වටේ.. එයා තමයි වෛෂ්ණවී.. අහඹු සිදුවීමකින් වෛෂ්ණවිගේ සුරතලාව මරා දැමීමත් සමගම ගුරුකුලවේලි පාසලේ සභාපති ක්‍රිෂ්ණමූර්ති, එහෙමත් නැත්නම් වෛෂ්ණවීගේ සීයා ඒ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඇත්තටම මේ සිද්දියට පැටලෙන්නේ ත්‍රිමුර්තුලු කියන ප්‍රාදේශීය මන්ත්‍රීගේ සහෝදරයා. ඉතින් මේ අය එතරම් හොද මිනිස්සු නෙවෙයි.. මේ පුංචි සිද්දියත් එක්ක වෛර බැදගන්න ඔවුන් දිගින් දිගටම මේ පවුලටත් පුංචි වෛෂ්ණවීටත් කරදර කරන්න ගන්නවා. එල්ලවෙන ජීවිත තර්ජන හමුවේ වෛෂ්ණවීගේ ආරක්ෂකයා නැවතත් කැදවන්න ක්‍රිෂ්ණමූර්තිගේ ගෙදර වැඩ කරන ගෝවින්ද් කටයුතු කරනවා. කවුද මේ ආරක්ෂකයා.. එයාට වෛෂ්ණවී එක්ක තියෙන සම්බන්ධය මොකක්ද.. ඒ දේවල් වලට උත්තර ඔයාලට ෆිල්ම් එක අවසාන හරියෙදි බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඔයාල කතාව බලලම ඉන්නකෝ..

උපසිරැසි කාලරාමු සින්ක් කිරීම වෙනුවෙන් ශාන් සසංග සහෝදරයට ස්තූති වෙනවා වගේම තිරය පිටුපස ඉදන් හයියක් උනු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Original title డాకు మహారాజ్‌
IMDb Rating 6 3,532 votes
TMDb Rating 5.4 5 votes

Director

Bobby Kolli
Director

Cast

Nandamuri Balakrishna is
"Nanaji" Seetharam / Daaku Maharaj
Bobby Deol isBalwant Singh Thakur
Balwant Singh Thakur
Vedha Agarwal isVaishnavi
Vaishnavi
Makrand Deshpande isGovind Gujjar
Govind Gujjar
Sachin Khedekar isKrishna Murthy
Krishna Murthy
Ravi Kishan isTrimurthulu Naidu
Trimurthulu Naidu

Similar titles

My Name Is Vendetta (2022) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Barroz (2024) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published