
(Cold Case (2021) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම !
ඔන්න මම අද උපසිරැසි ගන්වල අරගෙන ආවේ අලුත් මලයාලම් චිත්‍රපටියක සිංහල උපසිරැසි.ඉතින් සාමාන්‍යයෙන් මං මලයාලම් ඒවට සබ් කරනව අඩුයි නමුත් මං ආසම කරන Mystery | Thriller කැටගරියෙ ෆිල්ම් එකක් නිසා උපසිරැසි කරන්න හිතුනා.
මේ චිත්‍රපටය ගිය ජුනි 30 Amazon Prime Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.ඉතින් ” Cold Case ” කියන්නෙ මොනවද කියල ගොඩක් අය දන්නව ඇති.Cold Case කියන්නෙ නොවිසඳුණු අතීත අපරාධ වලට.ඒ විදිය කතාවක් තමයි මේකෙ යන්නෙ.ආ මේක Supernatural | Horror කාන්ඩ වලටත් වර්ග කරන්න පුළුවන්.
Tanu Balak විසින් අධ්‍යක්ශණය කරන ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා වෙන්නෙ මලයාලම් සිනමාවේ සුපිරි නලු Prithviraj Sukumaran.ඊට අමතරව Aditi Balan , Lakshmi Priyaa වගේ නිලියනුත් රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටය කතාව ගැන පොඩ්ඩක් මතක් කලානම් මෙහෙමයි.
වැවක තිබිලා කුනු බෑග් එකකින් මිනිස් හිස් කබලක් හම්බවෙනවා.ඉතින් මේ පිලිබද විමර්ශන කරන්න කේස් එක බාර දෙන්නේ පොලිස් නිළධාරී සත්යජිත්ට.ඒ වගේම මේධා කියල ටිවී චැනල් වල වැඩ කරන ගෑනු ලමෙකුත් ඉන්නවා.මෙයා අලුත් ගෙදරක පදිංචියට යනව.ඒ ගෙදරත් ටිකක් අමුතුයි.මේ ගැන මෙයා හොයන්න ගන්නවා.ඒක එහෙම වෙනකොට අර හොයාගත්ත හිස් කබල කාගෙද කියලවත් හොයාගන්න පොලීසියට අමාරු වෙනව.
ඉතින් ඒ හිස් කබල කාගෙද ? එයා ඝාතනය වුනු කෙනෙක් ද ? මේධාගෙ ගෙදර වෙන සිදුවීම් මොනවද ? සම්පූර්ණ සිද්දියේ විමර්ශනය කොහොම වෙයිද බලන්න ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනව.
ගිහින් එන්නම් එහෙනම් තවත් අපූරු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආයෙම එන්නම්.
ඔබට ජය !