
(CBI 5: The Brain (2022) Sinhala Subtitles) (CBI 5: The Brain (2022) Sinhala Sub) (CBI 5 (2022) Sinhala Subtitles)
ඉතිං කොහොමද යාළුවනේ ඔන්න කාලේකට පස්සේ නවමු වු චිත්රපටයකට උපසිරැසි අරං මම ආවා..
මට මෙ උපසිරැසි ගැන්විම කරන්න සහය වුණේ ශේන් කෙවින් සහෝදරයා ඉතිං ඒයා තමා උපසිරැසියේ අග කොටස නිර්මාණය කරමින් උපසිරැසිය නිර්මාණය කර අවසන් කිරිමට සහය වුණේ..
ඉතිං අපි උපසිරැසි ගැන්වීම විදිහට අරං ඇවිත් තියෙන්නේ මලයාලම් රංගවේදි Mammootty රංගන සහය දක්වන CBI 5 චිත්රපටයයි… IMDB අගය පොඩ්ඩක් අඩු වුණත් කුතුහලය සහිත චිත්රපටයක්… ඉතිං මේ චිත්රපටය තුල අපිට Mammootty ව දැක බලාගන්න පුළුවන් වෙන්නේ චිත්රපටය අරම්භ වි විනාඩි 43 පමණ ගියාට පස්සේ… ඉතිං මෙ චිත්රපටය ගැන පහත පරිදි විස්තරයක් ගෙනෙන්න පුළුවන්…
පැය 2 යි විනාඩි 44 පුරාවට ධාවනය වන මෙම චිත්රපටය Mystery / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්රපටයක්. කවුරුත් දන්න Mammootty මෙහි ප්රධාන චරිත නිරූපණය කරන අතර චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ K. Madhu විසින්. කතාව පැත්තට හරුනොත් CBI පරීක්ෂණයක් සඳහා Iyer හා ඔහුගේ කණ්ඩායම එනවා. ඔව් ඒ , ජංගම වාර්තා සහ පියාසැරි දත්ත පිළිබඳ පැහැදිලි ලුහුබැඳීමකට ඒත් ඔවුන්ගේ සොයාගැනීම් බොහොමයක් පැමිණෙන්නේ කණ්ඩායම තුළ ඇති නිමක් නැති එහාට මෙහාට කරන සංවාද හරහා.
ඉතිං මේ ආතරේ එක්තාරා ඝාතනයක් සිද්ද වෙලා තියෙනවා. මේ ඝාතනය එසේ මෙසේ එකක් නෙවෙයි. විමර්ශනය කරනකුට ඔලුව පැටලෙන ඝාතනයක්. මේ ඝාතානය විමර්ශනය කරන් යන කොට දැන ගන්න ලැබෙනවා මේකේ සුපිරි මහ මොළකරුවෙක් ඉන්නවා කියලා…. CBI 5 හේ මේ මහ මොළය කව්රු වෙන්න පුළුවන්ද…..? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න.
එහෙනම් අපි දෙන්නා අදට ගිහින් එන්නම් චිත්රපටය නරඹලා උපසිරැසියේ ගුණ අගුණත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා…