
( Black Widow (2021) Sinhala Subtitles )
මාවල් සිනමා විශ්වයේ නැත්නම් MCU එකේ 4 වෙනි Phase එක official විදිහට ආරම්භ කරන්න තිබුණේ Black Widow Film එකෙනුයි. නමුත් අවාසනාවකට COVID-19 වසංගතය නිසා, 2020 මැයි වල නිකුත් කරන්න තිබුණු Film එක තුන් වතාවක්ම කල් ගියා. ඒ හින්දා අන්තිමේදි MCU 4 වෙනි Phase එක, Marvel Studio එකෙන් අලුතෙන් හඳුවා දෙන කතා මාලාවකින් ආරම්භ කරන්න සිද්ධ වුණා. ඒ Disney+ නාළිකාව ඔස්සෙ විකාශය වූ WandaVision කතා මාලාවෙනුයි. ඊට පස්සෙ මාර්තු 19 වෙනිදා සිට The Falcon and the Winter Soldier ලෙස දෙවෙනි කතා මාලාවකුත් විකාශය වුණා. ඒ කතා මාලා තවමත් බැලුවෙ නැත්නම් සිනෙරු වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි අරගෙන බලන්න කියලා මතක් කරනවා.
Natalia Alianovna “Natasha” Romanoff එහෙමත් නැත්නම් Black Widow ගේ චරිතය මුලින්ම MCU එකට හඳුන්වලා දෙන්නෙ Iron Man 2 (2010) Film එක හරහායි. ඒ Side Character එකක් විදිහටයි. ඇය කළින් KGB (රුසියානු ඔත්තු සේවය) යටතේ වැඩ කරපු ඝාතකයෙක්. මාර්සල් ආර්ට් සටන් කලාවේ උසස් ලෙස හැකියාවක් ඇති ඇය සුපිරි ගනයේ Spy කෙනෙකුද වෙනවා. ඇයව S.H.I.E.L.D. එකට බඳවා ගනු ලබන්නෙ Clint Barton එහෙමත් නැත්නම් Hawkeye විසිනි. ඇයට එහිදි තවත් පුහුණුවීම් ලැබෙනවා. ‘Widow’s Bite’ නමින් ප්‍රසිද්ධ, විද්යුත්කම්පක අයුධයත් ඇයට හිමි වන්නෙ මෙතනදීය. එතැන් සිට ඇය S.H.I.E.L.D. එක යටතේ වැඩ කරනා දක්ෂ නියෝජිතවරියෙකු වී අවසානයේදී Avengers කණ්ඩායම සොයාගත් ප්‍රධාන සාමාජිකයින් 6 දෙනාගෙන් කෙනෙකු බවටත් පත් වෙනවා.
Black Widow Film එකක් මුලින්ම නිෂ්පාදනය කරන්න ආරම්භය ගන්නෙ 2004 වර්ෂයේදී Lionsgate Studio එක විසිනුයි. මේ සඳහා කතා රචනය සහ අධ්‍යක්ෂණය David Hayter ට භාර කරනවා. නමුත් ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඔවුන්ට හැකි වන්නෙ නැහැ. 2006 ජූනිවලදි Black Widow චරිතයේ සිනමා අයිතිය Marvel Studios වෙත නැවතත් ලැබෙනවා. ඔවුන් 2008 වර්ෂයේදී මාවල් සිනමා විශ්වය (MCU) නමින් සිනමා විශ්වයක් ආරම්භ කොට එහි තෙවන Film එක වන Iron Man 2 (2010) Film එක හරහා ප්‍රථම වරට Black Widow චරිතය සිනමාවට ගෙනෙනවා. එම චරිතයට පණ පොවන්න තෝරාගනු ලබන්නෙ Scarlett Johansson වයි (මාවල් කලින් මේ චරිතය රඟපාන්න Emily Blunt හට ආරාධනා කොට තිබුනත් ඇය ඒ වන විට Gulliver’s Travels (2010) Film එක වෙනුවෙන් කාලය වැය කොට තිබුණු නිසා ඇයට චරිතය භාර ගැනීමට පුලුවන් කමක් ලැබෙන්නෙ නැහැ). MCU එකේ ඉදිරියට නිපදවු Films වලත් එම චරිතයට රංගනයෙන් දායක වෙන්න Johansson එකඟතාවය පළ කරනවා.
මේ අතරේ Black Widow වෙනුවෙන් Solo Film එකක් නිෂ්පාදනය කිරීම ගැන Johansson කිහිප වතාවක්ම Marvel සමඟ සාකාච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ අනුව 2017 අග බාගයේදි ඒ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ වෙනවා. මෙහි අධ්‍යක්ෂණය සඳහා 2018 වර්ෂයේදී Cate Shortland බඳවා ගැනෙනවා. Jac Schaeffer සහ Ned Benson, Script එකට දායකත්වය සැපයීමටත් Eric Pearson තිර රචනය සඳහාත් බඳවා ගැනෙනවා. මෙහි රූගත කිරීම් 2019 මැයි මස සිට ඔක්තෝම්බර් මස දක්වා නෝර්වේ, බුඩාපේස්ට් සහ මොරොක්කෝවේදිත්, එංගලන්තයේ සහ ඇට්ලන්ටාවල ඇති Pinewood Studio හීදිත්, ජෝර්ජියාහි මේකෝන් යන ප්‍රදේශයේදීත් සිදු කොට තිබෙනවා.
(වමේ සිට) Kevin Feige, Scarlett Johansson, David Harbour, Florence Pugh, O-T Fagbenle, Cate Shortland සහ Rachel Weisz2019 යේ San Diego Comic-Con හී Film එක ගැන ප්‍රචාරණ කටයුතු කරමින්.
මේ Film එකේ කතාවට පාදක වෙලා තියෙන්නෙ Black Widow ගේ මුලාරම්බය පෙන්වන Origins කතාවක් නෙවෙයි. මේක Captain America: Civil War (2016) Film එක අවසානයෙන් පසුව සිදුවුණු සිදුවීමක්. මේකේ කතාව කෙටියෙන් ගත්තොත්;
“Captain America: Civil War (2016) Film එක අවසානයේදී, US රජයේ සතුරෙක් ලෙස නම් කෙරුණාට පසුව පලා යන Natasha Romanoff, මේ කතාවේදී ජීවත් වෙන්නෙ තනිවමයි. ඒ අතරතුරේ ඇයගේ අතීතය හා බැඳුණු භයානක කුමන්ත්රණයක සුල මුල සොයා යන්න ඇයට සිදු වෙනවා. ඇයගේ මේ උත්සාහය නතර කරන්න ඇයව මරාදමන්න තරම් සාහසික වූ බලවේගයකුත් ඇය පසුපස එනවා. මේ නිසා Spy කෙනෙක් ලෙස ගෙවූ ඇයගේ අතීතය සමඟත්, Avenger කෙනෙක් වීමට පෙර බිඳවැටුණු ඇයගේ අතීත සම්බන්ධතාවයන් සමඟත් ගණු දෙනු කිරීමට මෙහිදී Romanoff ට සිදු වෙනවා.”
sub ek thiynwd black window eke
ඔව් සබ් ගන්න බටන් එක ඇති එක කලක් කරන්න
sub eaka thiyenawada
ඔව් තියෙනවා සිංහල උපසිරැසි කියන එක ක්ල්ක් කරන්න
Sinhala Sub Tiyana kothanada.
links walata yanna ethana thiyenawa sinhala sub kiyala