
ඔන්න ඉතින් හැමෝටම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,දමිල හොල්මන් චිත්‍රපටි වලට කැමති කෙනෙක්නම් ඔයා,අනිවාර්යෙන්ම Aranmanai චිත්‍රපටි මාලාවේ පලවෙනි සහ දෙවනි කොටස නරබල ඇති කියල හිතනවා..ඉතින් අද අරගෙන එන්නේ Aranmanai චිත්‍රපටි මාලාවේ තුන් වෙනි කොටස…ඉතින් තුන් වෙනි කොටස කිව්වට,කලින් කතා වලට කිසිම සම්බන්ධයක්නම් නෑ…
Aranmanai තුන් වෙනි චිත්‍රපටියේදී අපිට Sundar C, Arya, Raashi Khanna ,Andrea Jeremiah,Sakshi Agarwal, Yogi Babu ,Vivek වගේ විශාල ජනප්‍රිය නලු නිලි කැලක් දැගන්න පුලුවන්..ඒවගේම දමිල සිනමාවේ විශිෂ්ට විකට නලුවෙක් උන විවේක් රංගනයෙන් දායක උන අවසන් චිත්‍රපටියත් මෙය තමයි…ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්…
ජෝති කියන්නේ පොඩි කාලේ ඉදන්ම තමන්ගේ තාත්තගේ ආදරේ සෙනෙහස නොලැබී ලොකු මහත්වෙන ගැහැණු දරුවෙක්…ජෝති ඉපදෙන කොටම එයාගේ අම්මා ඊෂ්වරී නැතිවෙලා තියෙනවා..ඒ නිසා තමන්ට,එයාගේ තාත්තා වෙයිර කරනවා කියල තමයි ජෝති හිතන්නේ..ඉතින් පොඩි කාලේ ගෙදර වෙන අසාමාන්‍ය සිදුවීම් වගයක් නිසා ජෝතිව නේවාසිකාගාරයකට යවනවා එයාගේ තාත්තා..කොහොම හරි අවුරුදු ගානකට පස්සේ ආපහු තමන්ගේ ගෙදරට එන ජෝතිට ආයෙත් පොඩි කාලේ උනා වගේම අසාමාන්‍යය සිදුවීම් වෙන්න පටන් ගන්නවා…ඉතින් මේ දේවල් කාටව්ත් කිව්වට පිලිගන්නේ නැති නිසා,අසරණ වෙලා තමයි ජෝති ඉන්නේ..මෙහෙම කිව්වට මෙතන ලොකු කතාවක් තියෙනව…ඔයාල අරගෙනම බලන්නකෝ මොනාද මේ වලව්වේ වෙන අසාමාන්‍යය සිදුවීම් කීයල වගේම ඇයි ඒ දේවල් වෙන්නේ කියල…