
ඔන්න මම අද ආවේ මගෙ දෙවැනි තෙලිගු උපසිරැසි ගැන්විම අරගේන ඉතිං මේ දවස් වල කාර්යය බහුලත්වයත් එක්ක කරපු උපසිරැසි ගැන්විමක් නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති.. ඒත් මම මේ ෆිල්ම් එකට සාධාරණයක් කලා කියලා මම හිතනවා… අපි වැඩි කතාබහක් නැතුව යමු අපේ ලිපිය පැත්තට.. මෙක 2022 වසර වෙනුවෙන් අප්‍රේල් 8 වෙනිදා OTT හරහා පිට උන චිත්‍රපටයක්…
මේකේ ප්‍රධාන වශයෙන් india national crush යන විරුධාවලිය ලැබු රශ්මිකා මන්දානා (Rashmika Mandanna) රංගන දායකත්වය දක්වනවා…මෙහි ප්‍රධාන නලුවා විදියට බලාගන්න පුළුවන් වෙන්නේ වර්තමාන තෙලිගු සිනමාවේ යම් ජනප්‍රිය තලයක සිටින නලුවෙකු වෙන Sharwanand විසින්… ඉතිං මේ චිත්‍රපටිය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ තිරුමාල් කිෂෝර් කියන වර්තමාන තෙලිගු සිනමාවේ නැගි ඒන අධ්‍යක්ෂකවරයා… අපිට මෙ ෆිල්ම් එක බලන කොට රශ්මිකා මන්දානාගේ මුල් අවධියෙ රංගනය දැක ගන්න පුළුවන් වෙනවා..ඉතිං හැමොම දන්න දෙයක්නේ රශ්මිකා මන්දානා කියන්නේ විච්චූරණ අකර්ෂණය වැඩි වශයෙන් හොයන නිළියක් කියලා…මෙ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ නලුවන් හැසිරවිමේ දක්ෂතාව නිසාදෝ රශ්මිකා මන්දානාගේ රංගනය පාලනය කරලා තියෙනවා…
(National Crush Rashmika Mandanna)
ඒක මෙ ෆිල්ම් එක තුලින් මම දැක්ක ප්‍රධානම වෙනසක්..නලුවෙකු වශයේන් කුෂ්බු එයාගේ රංගනයත් සාමන්‍ය පරිදි මෙ චිත්‍රපටයට යොදාගෙන තියෙනවා…. සුපුරුදු විදිහට මෙ චිත්‍රපටය තෙලිගු සිනමාවෙ බිහිවෙන සාමන්‍ය චිත්‍රපට වැටෙන වට්ටෝරුවට තමා වැටිලා තියෙන්නේ…ආදරණිය / හාස්‍ය / ක්‍රියාදාම කියන ශානරවලට තමා මෙ චිත්‍රපටය අයත් වෙන්න…
සාමන්‍ය ගලායමකින් යුතු සරල ආදර කතාවක් තමා මෙ චිත්‍රපටය නරඹන ඔබට බලාගන්න පුළුවන් වෙන්නේ… STORY චිරංජිවි කියන අවුරුදු 35 වයස තරුණයා අවිවහාකයෙක්.. ඉතිං මෙය මෙ වයසට ගිහිල්ලම තියෙන්නේ එයාගේ අම්මලා පස්දෙනාගේ ඔන එපාකම් වලට ගැණු ළමයි තෝරන්න ගිහිල්ලා කිව්වොත් හරියට හරි…චිරංජිවි තෝරගන්න හැම ගැහැණු ළමයාම එයාලගේ අම්මලා ප්‍රතික්ෂේප කරනවා මොකද ඒයාලට ඔන චිරංජිවිට පරිපූර්ණ කාන්තාවක් විවහා කරලා දෙන්න…
ගොඩක් ගැහැණු ළමයින්ව තමන්ගේ පවුල නිසා ප්‍රතික්ෂේප කරපු චිරංජිවි කවුරු විරුද්ධ උනත් බදිනවාමයි කියලා බලපු කෙල්ල ටික දවසක් ගියාට පස්සෙ ඒ කෙල්ලම චිරංජිවිව ප්‍රතික්ෂේප කරනවා…ඒක දැනගත්ත චිරංජිවි තමන්ගේ පවුලේ මව් වරුන්ට ගොඩක් චෝදනා කරනවා කලකිරිම නිසා..ඉතිං අන්තිමේදි ඔක්කොම අතඇරලා කසාද බදින්නෙ නැහැ කියලා හිතන චිරංජ්වි ගේ ජිවිතයට ඔහුගේ සැබෑ ආදරය වෙන “අධ්‍යා” ඒනවා…. ඉතිං මම ඔච්චරයි මෙකේ කතාව ගැන ඔයගොල්ලෝන්ට කියන්නේ ඉළගට මොකක් වෙයිද කියලා ඔගොල්ලෝ බලලම තිරණය කරන්න….
“දෙවියෝ මේ ලෝකේ කිසිම පිරිමියෙක්ව මවලා නැහැ කාන්තාවන්ව තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධියක් දිලා”
“ඒ නිසා මම කියනවා”
“නෝනාවරුණි ඔබලාට අචාර කරමි”
..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…