
(A Week Away (2021) Sinhala Subtitles) සුභ දවසක් කියන ගමන් මේ මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්න ඕනේ ඒවගේම අඩුපාඩු එහෙම දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ෆිල්ම් එකේ නම A Week Away මේක නිකුත්වුනේ 2021 වර්ෂයේ රේටින් ගැන කියනවනම් IMDB වල 5.7 ද rottentomatoes 52 ද ගුගල් තුල 82% ලබාගන්න පුලුවන් වුනු කතාවක් මේක.
චරිත ගැන බලනවානම් මේ කතාවේ ප්රධාන චරිත ප්රධාන චරිත 3 තියෙනවා කියලා තමයි මට නම් හිතුනේ පොඩි විස්තරක් එක්ක මන් කියාගෙන යන්නම්
Bailee Madison
මෙයා තමයි එකේ ප්රධාන නිළිය වෙන්නේ (Avery)
Kevin Quinn
මෙයා තමයි එකේ ප්රධාන නළුවා වෙන්නේ (Will)
එහෙනම් දැන් අපි චිත්රපටය ගැන ටිකක් කතා කරමු විල් කියන්නේ අම්මායි තාත්තයි නැතුව තනියම ඉන්න කෙනක් හරියට කියනවානම් එයා ටිකක් මුරණ්ඩුයි , සැහෙන වැඩ කොටසක් කරලා තියෙන කෙනක් පොලිස් කාර් එකක් අරගන්න ගිහින් ආයේ පාරක් මාට්ටු වෙනවා ඊට පස්සේ මෙයාව හදාගන්නම බැරි නිසා මෙයාව පරිවාසේට යවන්නයි හදන්නේ විල් එකට පොඩ්ඩක් වත් කැමති නැහැ , එත් එයාගේ වෙලාවට කට්ටියක් ඇවිලා එයාට කතා කරනවා එන්න සමර් කෑම්ප් එකකට යමු කියලා එත් එකකත් කැමති නැහැ , දැන් එක්කෝ කෑම්ප් යන්න ඕනේ එහෙම නැත්නම් පරිවසේට යන්න ඕනේ .
මෙයා ඉතින් අකමැත්තෙන් හරි කෑම්ප් එකට යනවා ඉතින් බස් එකෙන් බැහැලා ටික වෙලාවක් යනකොට මෙයා දකිනවා Averyව එහෙනම් එතන ඉදන් කතාව බලන්න ඔයාට භාරයි .