
(A Quite Place Part II (2021) Sinhala Subtitles)ඔන්න එහෙනං තවත් චිත්රපටයකටයි අද උපසිරැසියක් අරගෙන ආවේ.A QUITE PLACE කිවුවහම ඉතිං හැමදෙනෙක්ම වගේ දන්නවානේ.ඒකේ දෙවෙනි දිගහැරුම තමයි අද අරගෙන ආවේ.මේක වැඩි ආදායම් වාර්තා තියයි කියලා හිතුව Disney සමාගමේ cruella වගේ චිත්රපටත් එක්ක සමකාලිනව තමයි තිරගත වෙන්න පටන් ගත්තේ නමුත් ඒවාටත් වඩා වැඩි ආදායම් වාර්තා තියන්න මේ චිත්රපටය සමත් වෙලා තියෙනවා.මේක අධ්යක්ෂණය වෙන්නේ,Jhon Krasinski අතින් වගේම ඔහුම මේ චිත්රපටයේ ලීගේ චරිතයටත් පණ පොවනවා.මේක නිශ්පාදනය කරන්නේ Platinum Dunes සහ Sunday Night Productions කියන සමාගම් විසින්.ඒ වගේම මේක රචනය වෙන්නෙත් jhon krasinski අතින්ම තමයි.මේකට ඔහුට අමතරව Emily Blunt,Cillian Murphy,Noah Jupe,Millicent Simmonds,සහ Djimon Hounsou,යන අය ප්රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ වගේම මේක ඩොලර් මිලියන 195ක ආදායම් වාර්තාවක් තියලා තියෙනවා.
මේකට 7.8/10ක imdb අගයක් වගේම 91%ක rotten tomatoes අගයක් සහ 93%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.ඉතින් මේ චිත්රපටයෙන් ඇබට් පවුලට මුහුණදෙන්න උන දේවල් වලට පස්සේ එයාලා ජීව්තේ බේරගන්න දරන ප්රයත්නයේ ඉතුරු කොටස් ටික බලාගන්න පුළුවන්.සමහරවිට මේකෙ තුන්වෙනි කොටසකුත් එයි කියලා හිතෙනවා.කියන්න ඕන තාම මේකෙ වෙබ් පිටපත් නං නිකුත්වෙලා නෑ.වෙබ් පිටපත් නිකුත් උන ගමන්ම ඒකට අදාල උපසිරැසියත් එකතු කරන්නම්.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙනතෙක් නවතින්නම්,ජයවේවා…!