
(12th Man (2022) Sinhala Subtitles) (12th Man 2022 Sinhala Subtitle) (12th Man (2022) Sinhala Subtitle) (12th Man Sinhala Sub)
සුබ දවසක් හැමෝටම,
ඉතින් මලයාලම් සිනමාවට නැතිවම බැරි නම කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම් වෙච්ච නව පරපුරේ රංගන ශීල්පීන්ට පවා අදටත් අභියෝගයක් වෙච්ච මොහාන්ලාල්ගේ නවතම චිත්‍රපටයයි 12th Man කියන්නේ.. තවත් සුවිශේශ කාරණාවක් වෙන්නෙ මේකේ අන්තර්ජාල පිටපත් නිකුත් උනේ මොහාන්ලාල්ගේ උපන්දිනයට සමගාමීව විමයි.. ඉතින් ඒ විශිෂ්ට රංගන ශිල්පියාට උපන්දින සුබ පැතුම් එක් කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා..තවත් විශේෂ දෙයක් තියනවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න සහ ගොඩ දෙනෙක් නරඹලා තියන Memories, Drishyam වැනි මලයාලම් සිනමාපට අධ්‍යක්ෂණය කරපු Jeethu Joseph මහතා තමයි..
හරි ඉතින් කතාව පැත්තට හැරුනොත් පාසල් කාලේ යාලුවො 11 දෙනෙක් එකතු වෙලා ට්‍රිප් එකක් යනවා… මුල් විනාඩි කිහිපයම කිසිම කුතුහලයක් තිබ්බෙ නෑ.. කතාව ඔහේ ගලාගෙන ගියා..මම ඒත් කල්පනා කලා මොහන්ලාල් ඇයි මේ වගේ චිත්‍රපටයකට දායක උනේ කියලත් [මේක කිව්වෙ කට්ටිය ටිකක් බලලා කම්මැලි කියලා බලන්නෙ නැතුව ඉඳි කියලා] ඒ මං හිතපු එක වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. ඇත්තටම කතාව පටන් ගන්නේ මේ කණ්ඩායමේ හිටපු එක ගෑනු කෙනෙක්ගේ මරණයත් එක්ක.. මේක ඇත්තටම සියදිවි නසාගැනීමක්ද? නැත්නම් මිනීමැරුමක්ද? DCP චන්ද්‍රසේකරන්ට මේකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් වෙයිද?
කතාව ස්පොයිල් වෙන නිසා මම මෙතනින් නවත්තන්නම්… Aditi Ravi , Leona Lishoy , Shivada , Priyanka , Anu Sithara ,Anusree වගේ සුරූපී දක්ශ රංගන ශිල්පිනියන්ගෙන්ද Saiju Kurup ,Anu Mohan , Unni Mukundan , Rahul , වගේ දක්ශ රංගන ශිල්පීන්ගගෙන්ද හැඩවුණු මේ සලරුව හැමෝම අනිවාරෙන්ම ඩවුන්ලෝඩ් කරන් බලන්න..අන්තිම විනාඩිය වෙනකන්ම කුතුහලෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන ගමන් එහෙනම් මම නවතිනවා..
තවත් මේ වගේම සබ් එකකින් ඉක්මනින්ම හමුවෙමු… හැමෝටම ජය වේවා !