සුභ දවසක් හැමෝටම! 🙏
ඉතින් අද මම ආවේ අපේ චන්ඳ්ර නයිට්වරයාගේ අන්තිම එපිසෝඩ් එකට සිංහල උපසිරසි අරගෙන. හැමෝම බලන් හිටියනේ කතාව කොහොම කොයි පැත්තට වෙනස් වෙයිද වෙනස් කරයිද කියලා. ඔන්න ඒකට සප්රයිස් එකක් විදිහට මාවල් ස්ටුඩියෝ එකෙන් කතාව කනපිට ගහලා ලෝකි කතාමාලාවේ අවසානේ ගෙනාවා වගේම සප්රයිස් ගොඩක් එක්ක මූන් නයිට් අන්තිම එපිය අද දවල් නිකුත් කරා. මාවල් ස්ටුඩියෝ එක ගැන කියන්න වචන නෑ කියලා දන්නවනේ. දැන් අපිට තියෙන කුතුහලේ තමා මූන් නයිට්ව කොහොම මාවල් විශ්වයට කනෙක්ට් කරයිද කියන එක. නැත්තන් වෙනම phase එකක් විදිහට ගෙනෙයිද කියන එක.🙄
මං තවත් කතා මාලාව ගැන පැහැදිලි කරන්න ඕන නෑනේ. අපේ ඉනූෂ සහෝදරයා එපිසෝඩ් පහකම සිංහල උපසිරසි අරගෙන ඔයාලා ගාවට ආවනේ ඉතින් ඒ ලිපි කියවපු ඔයාලා දැන් කතාව ගැන හැමදේම දන්නවනේ. මං ඉතින් පැහැදිලි කිරීම් කරන්න යන්නේ නෑ.😶😁
අපි දැන් අද එපිසෝඩ් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.
ඉතින් ඔයාලා දන්නවනේ පස්වෙනි එපිය අවසානෙට මාක්ට ස්ටීවන්ව නැති වෙනවා කියලා. මට නම් ගොඩක් දුරට හිතුනා කතාව ඒ විදිහට ඉවර කරන එකක් නෑ කියලා. මං හිතපු විදිහටම කතාව අනිත් පැත්ත ගහලා මේ එපිසෝඩ් එක ගෙනාවා..
හැරෝ හදන්නේ අමිත් දේවතාවිය නිදහස් කරන්න ඉතින් මේ දේ කරගන්න පුළුවන් වෙයිද?🤔
ස්ටීවන්ව ආපහු ගේන්න මාක්ට පුළුවන් වෙයිද?🤔
ලයිලට මාක්ව ආපහු නැගිට්ටවන්න පුළුවන් වෙයිද?🤔
ඛොන්ෂුට මොකක් වෙයිද?🤔
මේ වගේ ප්රශ්න ඔයාලාගේ හිතේ ඇදෙන්න ඇතිනේ අන්න ඒ වගේම ඒ ප්රශ්ණ වලට උත්තර හිතුවටත් වඩා වැඩියෙන් හම්බවෙනවා. 😍
මම තවත් කියවන්න යන්නේ නෑ එහෙනම් සිංහල උපසිරසිය අරගෙන කතාව බලලා ගුණදොස් ගැන වචනයකුත් කමෙන්ට් බාර් එකෙන් කොටාගෙන යන්නකෝ.
සුභ දවසක් හැමෝටම
මම ෂෙහාන් සචින්ත..
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E06 | 128 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E05 | 92 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E04 | 92 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E03 | 104 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E02 | 111 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E01 | 115 | |
WEBRip 720P | English | 1.4 GB ඔක්කොම එකට | 109 | |
WEBRip 720P | English | 1.4 GB ඔක්කොම එකට | 170 |