Video Sources 764 Views

  • Watch trailer
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles

The score isn't settled.Jan. 08, 2025Canada144 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.

ඒ Den of Thieves 2: Pantera (2025).

Den of Thieves (2018) පළවෙනි චිත්‍රපටිය ඔයාලා හැමෝම අනිවාරෙන් බලලා ඇති කියලා මං හිතනවා. මොකද ඉහළම මට්ටමේ තිබුණ චිත්‍රපටියක් තමා ඒක. අවුරුදු 7කට පස්සේ Christian Gudegast ගේ අධ්‍යක්ෂණය සහ රචනය යටතේම මේ චිත්‍රපටියත් නිර්මාණය වෙනවා සුපුරුදු පරිදි.

ඒ වගේම Gerard Butler පොලිස් නිළධාරි නික් ඕ’බ්‍රයන් විදිහටත් O’Shea Jackson Jr ඩොනී විල්සන් විදිහටත්  සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්.

Action/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Lionsgate හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10. Gerard සහ O’Sheaට අමතරව Evin Ahmad, Salvatore Esposito, Meadow Williams, Swen Temmel ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා. කතාව පළවෙනි චිත්‍රපටියෙම දිගුවක් විදිහට තමයි එන්නේ. නික් තාමත් බැංකු මංකොල්ලය ගැන හිත හිත ඉද්දී දියමන්ති මංකොල්ලයක් ගැන නිව්ස් එකක් දකිනවා. එතනදී ඒ හොරකමේ විදිහට නික්ට ආයෙත් ඩොනීව මතක්වෙලා හොයන්න තීරණය කරලා ප්‍රංශයට යනවා. මෙතන ඉඳලා කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.

නික් ඉහළ නිළධාරින් එක්ක ඩැනී ගැන කතා කරන කොටස් ෂූට් කරත් අවසානයේ ඒ කොටස් චිත්‍රපටියෙන් කපලා අයින් කරලා තියෙනවා.

ඒ වගේම 2003 අවුරුද්දේ ඇත්තටම සිද්ධවුණ දියමන්ති මංකොල්ලයකින් තමයි මේ චිත්‍රපටියට ආභාසය අරන් තියෙන්නේ. ඒක තමයි මේ වෙනකල් ලෝකයේ සිද්ධවෙලා තියෙන ලොකුම දියමන්ති මංකොල්ලය. හොරකමේ වටිනාකම ඩො.මි 100කට එහා. තාමත් ඒ දියමන්ති හොයාගන්න නම් ලැබිලා නෑ. ඒ පොඩි ඉතිහාස කතාවක් ඔයාලගේ දැනුමට. 😉
 
එහෙනම් රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Original title Den of Thieves 2: Pantera
IMDb Rating 6.4 11,350 votes
TMDb Rating 6.7 213 votes

Director

Cast

Similar titles

Roberrt (2021) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published