Naai Sekar Returns (2022) Sinhala Subtitles

Naai Sekar Returns (2022) Sinhala Subtitles

Dec. 09, 2022India144 Min.Not Rated
Your rating: 0
8 2 votes

Synopsis

(Naai Sekar Returns (2022) Sinhala Subtitles) (Naai Sekar Returns (2022) Sinhala Sub)

ඔන්න කට්ටිය ඉල්ලුව තවත් අලුත් ටැමිල් ෆිල්ම් එකක් අරන් ආව..සුපුරුදු විදිහට වැඩේ භාර දුන්නේ සමිත අයියා ♥️ අරන් එන්න ටිකක් පරක්කු උනේ timeline හදන්න උන නිසා 😛♥️ ලයින් 2400ක්‌ විතර තිබ්බ 😉

යමු ෆිලුම දිහාට..

මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එකටයි, 2022 අවුරුද්දේ ආව ගනේෂ් ඉන්න Naai Sekar ෆිල්ම් එකටයි කිසිම සම්බන්දයක් නෑ..දෙක ෆිල්ම් දෙකක්.. කතා දෙකක්! ඒ ෆිල්ම් එකටත් අපේ One & Only නරා සහෝදරයා කරපු සබ් එකක් තියෙනවා.. අරන් බලන්න මරු 🥰🔥

2022 දෙසැම්බර් 09 වෙනිදා නිකුත් උන Naai Sekar Returns කියන මේ Indian Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Comedy Category එකට.. හිනා වේවි විනාඩි 144ක් පුරා ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය වගේම කතාවත් ලියල තියෙන්නේ Suraj කියන අධ්‍යක්ෂකවරයා විසින්..
ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න හදුනන කොමඩි රජු Vadivelu විසින්..ඔහු අවුරුදු 5කට පස්සේ තමයි අපිට නැවතත් ෆිල්ම් එකකින් හමුවෙන්නෙ.. උපප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙන්නෙ Shivani Narayanan, Anandaraj, Rao Ramesh, Redin Kingsley වැනි නළු නිලියන් පිරිසක්.. IMDB 4.5ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නේ! මේ ෆිල්ම් එක Low Budget Comedy Film එකක් කියන අදහස ඔළුවේ තියාගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..😉

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

අපේ ප්‍රධාන චරිතේ තමයි Naai Sekar (Vadivelu) කියන්නෙ.. පොර බල්ලන් පැහැර ගන්න සංගමයක් දාගෙන ඉන්නේ..මෙයාම තමයි මේකේ ඕනර් 😅 පොරගේ ටීම් එකේ සගයෝ 3 දෙනෙක් ඉන්නවා තව.. මෙයා කරන්නේ සල්ලි කාරයන්ගේ බල්ලෝ පැහැරගෙන කප්පම් ඉල්ලන එක 😂💔

අපේ Sekar ඉන්නෙ එයාගේ ආච්චි එක්ක.. දවසක් මෙයාගේ මේ වැඩ බලාගෙන ඉන්න බැරිම තැන ආච්චි කියනවා පොඩි අතීත කතාවක්.. ඒක තමයි සේකර් ගේ අම්මටයි තාත්තාටයි මුලින්ම දරුවෝ ඉදල නෑ.. එයාල දවසක් කෝවිලට ගිහින් භාර වෙනවා දරුවෙක් ලැබෙන්න කියලා.. මෙහෙම කෝවිලේ ඉද්දී එතනට ආව සාමි කෙනෙක් මෙයාලට දෙනවා බලු පැටියෙක්! 🐕 මේ බලු පැටියා සුභ නැකතක ඉපදුන පින්වන්ත බල්ලෙක් කියලා සාමිතුමා කියන්නෙ.. මේ බලු පැටියා ඉන්න ඕනම තැනක තියෙන ප්‍රශ්න විසදෙනව කියලත් කියනවා..ඔහොම ගිහින් මේ බලු පැටියා සේකර් ගේ ගෙදර අරන් ගිහින් ටික කාලයක් යද්දී සේකර් ඉපදෙනවා වගේම එයාලගේ පවුල ධනවත් වෙනවා…ඔහොම යද්දී සේකර් ගේ තාත්තා බල්ලා බලාගන්න කෙනෙක් ගන්නවා.. මේ කෙනා සේරම දේවල් දැනගෙන බල්ලාව හොරකම් කරන් යනවා..මේ බල්ලා අරන් ගියත් හරි සේකර්ගේ පවුල විනාස වෙනවා 🐕

මෙතනින් එහාට මං මොකුත්ම කියන්නේ නෑ.. හැමෝටම ආරාධනා කරනවා මේ ආතල් කොමඩිය බලන්න කියලා.. 🙂♥️

තවත් ෆිලුමක් එක්ක හම්බවෙමු.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

“මේක පැහැරගැනීමක් නෙවෙයි, සමාජ සේවයක්”

Naai Sekar Returns (2022) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Original title நாய் சேகர் Returns
IMDb Rating 4.2 594 votes
TMDb Rating 5.563 8 votes

Similar titles

Argylle (2024) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
My Dear Bootham
Mandela (2021) Sinhala Subtitles
Manchi Rojulochaie (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published