Video Sources 1624 Views

  • Watch trailer
Vikrant Rona (2022) Sinhala Subtitles

Vikrant Rona (2022) Sinhala Subtitles

The World of PhantomJul. 28, 2022India147 Min.Not Rated
Your rating: 0
7.3 3 votes

Synopsis

ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ ගමට එන්නේ, තම දුවගේ කසාදෙ කරන්න කියලා. ඉතිං ඔහු ජනාර්ධන්ගෙ කමරොට්ටු බංගලාව ඉල්ලනවා මේ කසාද වැඩ වලට.

ඒත් ඒ නිවසේ “බ්‍රහ්මරාක්ෂස” වාසය කරනවා කියලා. ඔහු එක හෙලා එයට විරුද්ධ වෙනවා. මෙය මීට වසර 28කට
පෙර සිට පටන් ගෙන තියෙන අභිරහසක්.. කවුද මේ බ්‍රහ්මරාක්ෂස කියන්නෙ කියන කුතුහලේ එක්ක අපි යමු කතාවට.

ඔය අතරෙ මේ ගම්මානයේ ළමා ඝාතන එක දිගට වෙන්න ගන්නවා. ළමයි මරලා ගස් වල එල්ලනවා. මේ ගැන විමර්ශන කල පොළිස්පතිත් මළ සිරුරක් විදියට හිටි හැටියෙම හම්බවෙනවා. හරහට එන හැම කෙනෙක්ම සිරුරක් වෙනවා. රැයකට කවුරුවත්ම එළියකට එන්නෙ නෑ. කැලේ දිහා බලන්නෙවත් නැති ගම්මානයක්. ඉතිං හැමෝම මරණ භීතියෙන් ඉන්න මෙහෙම වෙලේක මේ ගම්මානයට අමුතු පොළිස් නිළධාරියෙක් පැමිණෙනවා. කියවෙන විදියට නම් ඔහු “භය කියන දේ දන්නෙවත් නැති” කෙනෙක්ලු.. නමින් වික්‍රාන්ත් රෝනා.

ඔහු ආපු ගමන් පැටලෙන්නෙ ජනාර්ධන් ඝාම්භීර් එක්ක. ඔය අස්සෙ තමයි සංජු කියන චරිතෙ ගමට ඇතුල් වෙන්නේ.
කවුද මේ සංජු? සංජුත් මේ සියල්ලටම පැටලෙනවා. ඉතිං මේ ළමා ඝාතන එන්න එන්න වැඩි වෙනවා වගේම හැම සිරුරක් ළගින්ම එක් නෝට් එකක් හම්බ වෙනවා. එහි මෙහෙම අන්තර්ගත වෙනවා.

” ඝර ඝර ඝර ඝග්ගර ජර්බා.. පිර නල්කුරි නෙත්තර පර්බා..”

මේ පද පේළියත් එක්ක ගමන් කරන කථාව හොයන් වික්‍රාන්ත් කැළයට බහින්න තීරණය කරනවා. ඉතිං මහා අත්භූත කැලයක සිදුවන මේ ක්‍රියාන්විතයට කුමක් වෙයිද? මොකක්ද මේ විසදගන්න බැරි අභිරහස? ඇයි භූතයින් මේ ගම අරක්ගෙන ඉන්නේ? මේ සියල්ලටම විසඳුම් ගන්න නම්, කුතුහලය පිරිණු මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

කොරෝනා වසංගතයට අසු වෙන්න සිද්ධ වුණු තවත් චිත්‍රපටයක් තමයි වික්‍රාන්ත් රෝනා කියන්නේ. ඒ නිසා බොහෝ පමා වෙලා පසුගිය ජූලි 28 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කලේ. පෑන් ඉන්ඩියා ෆිල්ම් එකක් වුණු මෙය 3D ආකාරයෙන්ම තිරගත වුනා. ඉතිං KGF එකට පස්සෙ Charlie බොහොම සාර්ථක වුනා වගේම Vikranth Rona ඊටත් එහා සාර්ථකත්වයක් බොක්ස් ඔෆිසය තුළ ලබා ගත්තා… ඒ කෝටි 210ක පමණ ආදායමක් හිමි කර ගනිමින්.

Kiccha Sudeep කියන්නෙ අපි හැමෝම දන්න විලන් කෙනෙක්. නැත්නම් හීරෝ කෙනෙක්. ඔහුට ඒ දෙපැත්තම කරන්න පුළුවන් ඝාම්භීර හඩ පෞර්ෂයක් වගේම කඩවසම් බවක් හිමි නළුවෙක්. ඝාම්භීර දෙබස් එක්කම ගමන් කරන මේ චිත්‍රපටයට සෙසු චරිතද ලොකු සහයක් වෙලා තියෙනවා. ඒවගේම මෙහි රූප රාමු, ගීත.. පසුබිම් වාදන යන සියල්ලම ඉතා ඉහළ මට්ටමක තියෙනවා.එවා නිසා මේ චිත්‍රපටයට ලොකු ශක්තියක් ලැබිලා තියෙනවා.

ත්‍රාසය, කුතුහලය, ක්‍රියාන්විතයන් සහ සටන් ජවනිකා පිරුණ මේ චිත්‍රපටය imdb අගය 8/10 ක් දක්වා ඉහළ නංවන්න සමත් වෙලා තියෙනවා. වික්‍රාන්ත් සමඟින් එන සිය දියණිය එක්ක, එසේ නැතිනම් තාත්තයි දුවයි කෙසේ නම් මේ අත්භූත මිනිස්සු පිරුණ ගම්මානයේ, අත්භූත ප්‍රශ්නය විසඳයිද? ඇත්තටම පුළුවන් වෙයිද? අවුරුදු 28ක අතීතය වෙනස් කරන්න පුළුවන් වෙයිද? අනිවාරෙන්ම බලලා දැනගන්න… 

Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Original title ವಿಕ್ರಾಂತ್ ರೋಣ
IMDb Rating 7 27,774 votes
TMDb Rating 6.75 18 votes

Director

Cast

Sudeep isVikrant Rona
Vikrant Rona
Nirup Bhandari isSanjeev Gambhira aka Sanju
Sanjeev Gambhira aka Sanju
Jacqueline Fernandez isRaquel D'Costa a.k.a Gadang Rakkamma
Raquel D'Costa a.k.a Gadang Rakkamma
Neetha Ashok isPanna aka Aparna Ballal
Panna aka Aparna Ballal
Ravishanker Gowda isVishwanath Ballal
Vishwanath Ballal
Madhusudhan Rao isJanardhan Gambhira
Janardhan Gambhira
Vasuki Vaibhav isBaalu aka Baalakrishna
Baalu aka Baalakrishna
Siddu Moolimani isMunna aka Mohanchandra Ballal
Munna aka Mohanchandra Ballal
Chitkala Biradar isBaby Ballal
Baby Ballal
Ramesh Kukkuvalli isEknath Gambhira
Eknath Gambhira

Similar titles

Hunt (2023) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published