Video Sources 1960 Views

  • Watch trailer
Thor: Love and Thunder (2022) Sinhala Subtitles

Thor: Love and Thunder (2022) Sinhala Subtitles

The one is not the only.Jul. 06, 2022USA119 Min.PG-13
Your rating: 0
8 7 votes

Synopsis

(Thor: Love and Thunder (2022) Sinhala Subtitles) (Thor Love and Thunder (2022) Sinhala Subtitle) (Thor Love and Thunder Sinhala Subtitle) (Love and Thunder Sinhala Subtitle) (Thor 2022 Sinhala Subtitle) (Thor 4 Sinhala Subtitle) (Thor Sinhala Sub)

හැමෝටම ආයුබෝවන්,ඉතිං අලුත්ම අලුත් මාවල් ෆිල්ම් එකක සබ් එක අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න.

ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්‍යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.

ඉතිං ඉස්සරහට Phase 5 ඔස්සේ ඉස්සරහට එන්න තියන ෆිල්ම්ස් සීරීස් තමා ඔය තියෙන්නෙ.

රූපයේ සහ ප්‍රකාශ කරල තියන හැටියට Phase 5 ෆිල්ම් සීරීස් වෙන්නෙ මේවයි.

•Antman and the Wasp:Quantumania
•Secret Invasion.
•Guardian Of The Galaxy :Vol 3
•Echo
•Loki Season 2
•The Marvel’s
•Blade
•Ironheart
•Agatha:Coven Of Chaos
•Captain America:New World Order
•Daredevil Born Again
•Thunderbolts

වගේ ෆිල්ම් සීරීස් අයත් වෙනවා.

ප්‍රකාශ කර ඇති ආකාරයට Phase 6 එකට.

•Fantastic 4

•Avengers:The Kang Dynasty.

•Avengers:Secret Wars

වගේ ඒවා ඇතුළත් වෙනවා.

Loki: Season 02 දැනටමත් රූගත කිරීම් වෙනබවත්..Echo හී නිෂ්පාදන කටයුතු වෙන බවත් Blade හී රූගත කිරීම් මේ ඔක්තෝබරයේ පටන්ගන්නවා කියල Kevin Feige විසින් ප්‍රකාශ කළා..ඉතිං හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්න වගේ බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල.

හරි දැන් අපේ ෆිල්ම් එක පැත්තට හැරෙමු.Thor කියන්නෙ දැනටත් කවුරුත් ආසම චරිතයක් වගේම ෆිල්ම් ටිකක්.ජර්මානු,ග්‍රීක,නෝවීජියානු වගේ ගොඩක් සංස්කෘතිවල එන දෙවියෙක් ගේ චරිතයක් පාදක කරගත් චිත්‍රකතාමාලාවක් මුල් කරගෙන නිර්මාණය වුන සුපිරිවීර චිත්‍රපටයක්.එහි අලුත්ම නිර්මාණය තමා මේ ජූලි 8 නිකුත් වුන Thor Love And Thunder කියන්නෙ.

මීට කලින් Thor ෆිල්ම් තුනක් නිකුත් වුනා.

1.Thor

2.Thor the dark world


3.Thor:Ragnarok

ඒ වගේම ඒ චිත්‍රපට රසිකයන්ගේ ආදරයට ගොඩක් පත්වෙලා තියනව.අන්තිමට අපිට තෝර් චරිතය බලාගන්න වෙන්නෙ Avengers Endgame හීදියි.ඒ කාලෙ ඉදලම Thor අලුත් ෆිල්ම් එක ගැන එක එක ඉගි පහළ වුනා.Concept trailers එහෙම එන්න ගත්තා.ඉතිං එහෙම ඇවිත් දැන් Officially Release වෙලා තියනවා.

ඉතිං මේ ෆිල්ම් එක ගොඩක් අයට හොඳ වුනා,ගොඩක් අයට සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ වුනා වගේම සමහර අයට කලින් ෆිල්ම් තරම්ම හොඳ නැති එකකුත් වුනා.ඉතිං ඒක ඔයාලට තීරණ ගන්න සුදුසුයි කියල මම හිතන්නෙ නෑ,මොකද එකිනෙකාගෙ රස වින්දනය වෙනස් කියල විවිධ මතවලින්ම පේනවනෙ.

ඉතිං ඔය ටික තමා මට මාවල් ගැනයි තෝර් ගැනයි කියන්න තියෙන්නෙ,මට තියෙන්නෙත් ඔච්චර දැනුමක් තමා විස්තර කරන්න.

හරි කතාව පැත්තට හැරුණොත්.

Thor දැන් ඉන්නෙ ගොඩක් අභියෝගවලට,සතුරන්ට මූණදීලා,ගොඩක් අහිමිවීම් වලට ලක්වෙලා කඩාවැටිලා,(Endgame එකේ බඩ තඩියට හිටියේ ඒ නිසයි),ඉතිං මෙහෙම ඉන්න තෝර්,ඒ දුක තුනීවෙන්නත් එක්ක Guardians Of The Galaxy කණ්ඩායමත් එක්ක එක එක ලෝකවලට ගිහින් ඒ ඒ අයට උදව් කරමින්,සටන් කරමින් කාලය ගතකරනවා.ඉතිං මෙහෙම ඉන්නකොට එයාට ආරංචි වෙනවා ගෝර් කියල දේව ඝාතකයෙක් විශාල වශයෙන් දෙවියන්ව ඝාතනය කරනවා කියල.ඉතිං ඒ ඝාතකයව නවත්තන්න යන ගමනෙ එයා ට එයාගෙ කලින් පෙම්වතිය ජේන් වත් හම්බවෙනවා හැබැයි විශේෂ විදිහකට Trailer එකේදි ඔයාලත් දකින්න ඇති. ඒ කොහොමද, කතාවෙ ඉතුරු ටික කොහොමද කියල, ඔයාලම බලන්නකෝ.

ඉතිං, මෙච්චරයි අදට කියන්න තියෙන්නෙ, මට තව සවිස්තරාත්මක ලිපියක් දෙන්න බැරිවුණා ඒකට සමාවෙන්න ඕන.

ඉතිං කොහොමහරි හැමදාම වගේ ආරාධනා කරනවා ෆිල්ම් එක රසවිදින්න කියල වගේම ෆිල්ම් එක රසවිදල ඇවිත් කොමෙන්ටුවකුත් දාන්න කියල.

මම මේ සබ කළේ කැම්කොපියටයි,ඉතිං බොහෝවිටම පැහැදිලි HDTS/HDTC පිටපතකට මේ සබ් එක සයිට් එකේ වැටෙයි,හදිස්සි අය ඉන්නවනම් අරන් බලන්න,අනික් අයට වෙබ් පිටපත ආ සැනින් අදාල පිටපතට සබ යාවත්කාලීන වෙලා ලැබේවි.

එහෙනම් අපි ගියා.

ඔබට ජය!

©සදමින් හර්ෂණ.

[මෙම උපසිරැසිය දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති TELESYNC පිටපත් සහ Prolover HDTC පිටපත් සඳහා පමණක් අදාළ වේ..මෙය HDTC පිටපතක් වුවද පැහැදිලි රූපරාමු සහ Audio අඩංගු වන අතර නැරඹීමට බාධාවක් වන පරිදි දැන්වීම් හෝ Watermarks අන්තර්ගත නොවේ..]

👇

Sample Screenshots 

Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Original title Thor: Love and Thunder
IMDb Rating 6.3 354,706 votes
TMDb Rating 6.6 5,699 votes

Director

Cast

Chris Hemsworth isThor Odinson
Thor Odinson
Natalie Portman isJane Foster / The Mighty Thor
Jane Foster / The Mighty Thor
Tessa Thompson isKing Valkyrie
King Valkyrie
Taika Waititi isKorg / Old Kronan God (voice)
Korg / Old Kronan God (voice)
Chris Pratt isPeter Quill / Star-Lord
Peter Quill / Star-Lord

Similar titles

Mission Possible (2021) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
Bell Bottom (2021) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published