Video Sources 1581 Views

  • Watch trailer
The Gray Man (2022) Sinhala Subtitles

The Gray Man (2022) Sinhala Subtitles

Jul. 13, 2022USA128 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

(The Gray Man (2022) Sinhala Subtitles) (The Gray Man (2022) Sinhala Sub)

කාලයක් තිස්සේ එනකන් බලන් ඉඳපු The Gray Man චිත්රපටය ඊයේ (22/07/2022) Netflix හරහා නිකුත් උනා. හොලිවුඩ් ෆිල්ම් එකක් උනත් අපේ ධනුෂ් ෆෑන්ස්ලා ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු තියන් හිටියා ෆිල්ම් එක ගැන. හේතුව ඉතින් කියන්න ඕන නෑ නේ, ධනුෂ් සර් රංගනයෙන් දායක උන දෙවෙනි හොලිවුඩ් ෆිල්ම් එක තමයි මේ. 2009 දි මාර්ක් ග්රීනි විසින් එලි දක්වපු ග්රේ මෑන් නවකතාව පාදක කරගෙන තමයි මේ දැවැන්ත නිර්මාණය බිහි වුනේ. නිෂ්පාදන පිරිවැය ගැන කතා කරනව විට Netfix ව්යාපාරයේ වැඩිම බර පැන යොදවා නිෂ්පාදන කාර්යය සිදුකරන ලද චිත්රපටය ලෙස මෙය අමන්ත්රණය කරන්න පුළුවන්. එනම් මෙහි නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක්.

ෆිල්ම් එක ගැන කියනවා නම් සම්පූර්ණ කතාවම CIA නියෝජිතයෙක් වන සියෙරා සික්ස් සහ සමාජ විරෝධී පහරකරුවෙක් වන ලොයිඩ් හන්සන් වටා ගෙතෙනවා. සියෙරා සික්ස්, එහෙමත් නැත්නම් ග්රේ මෑන් CIA හි නියෝජිතයෙක්. ඒජන්සියේ ඉහල නිලධාරීන් පිරිසක් සික්ස් ව හිටපු සේවකයන් ඉවත් කරන්න යොදවනවා. පස්සේ සික්ස්ට තේරුම් යනවා තමන් උගුලකට අහු වෙලා ඉන්නේ කියලා මොකද අහම්බෙන් වගේ සික්ස්ට නිලධාරීන්ට විරුද්ධව සාක්ශි හමුවෙනවා. මේ නිසා ඔවුන් සික්ස්ව දඩයම් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

නවල් එක කියවපු කෙනෙක්ට නම් අමුත්තක් නෑ, පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා විතරයි නේ. ෆිල්ම් එකේ අධ්යක්ෂණය රූසෝ බ්රදර්ස්ලා, ඇන්තනී රූසෝ සහ ජෝ රූසෝ. ඔවුන්ව හඳුන්වා දෙන්න ඕනේ නැහැ මොකද ඔවුන් ජනප්රිය අධ්යක්ෂවරුන්. Captain America, Avengers ඔවුන්ගේ අධ්යක්ෂණයන්. රූසෝ සහෝදරයන්ගේ සමාගමක් වන AGBO විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ක්රිස්ටෝපර් මාකස් සහ ස්ටෙෆන් මැක්ෆීලි තිර රචනයෙන් වගේම Chris Evans (Lloyd Hansen) , Ryan Gosling (Sierra Six), Ana De Armas (Dani Miranda), Jessica Henwick (Suzanne Brewer), Dhanush (Avik San) ආදී නලු නිලියන් රැසකගේ රංගන දායකත්වයෙන් ග්රේ මෑන් නිර්මාණය වෙලා තියෙනවා

.

ඇත්තටම මේ කතාවේ සිදුවීම් ප්රේක්ෂකයන්ට ගොඩක් හුරුපුරුදුයි. ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. කොහොම නමුත් ෆිල්ම් එක අවසානය වෙනකන්ම ප්රේක්ෂක ඇස් ඉවතට නොයන විදියට සිද්ධීන් අනුපිළිවෙලට සකස් කරලා තියෙනවා. ඒකට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕනේ තිරපිටපත් රචකයන්ට , සංගීත අධ්යක්ෂණය කළ හෙන්රි ජැක්මන්ට වගේම කැමරාකරණය කළ ස්ටෙෆන් වින්ඩන්ට. තෝරාගත් ස්ථාන, සටන්, හඹායෑම් ප්රේක්ෂකයන් එක තැන තියන්නට සමත් වුනා කිව්වොත් මන් නිවැරදියි. ආකර්ෂණීය ධාවන කාලයක්. ඔබ තවමත් නොබැලූ නිසා චරිත ගැන වෙන වෙනම කියන්නට කැමති නැහැ නමුත් ඒ සියල්ලන්ම අති විශිෂ්ටයි. තමන්ගේ භූමිකාවන් හොඳින් නිරූපණය කලා. කලින් මම කිව්වා මේක හුරුපුරුදු බවක් දැනෙනවා කියලා, ඇත්තටම සමහර සිදුවීම් කතාව බලන ගමන් අපිට පුරෝකථනය කරන්න පුලුවන් ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒක මන් දකින විදියට අඩුපාඩුවක්. ක්රියාදාම තේමාවටම අවධානයක් යොමු කරලා නිසා විනෝදාස්වාදය අඩුයි කියලත් හිතෙනවා. ඒජන්සියේ අඳුරු පැතිකඩ මීට වඩා සවිස්තරාත්මකව දක්වන්න තිබුනා නම් හොඳයි. සමස්තයක් විදියට ගත්තම සාර්ථක නිර්මාණයක්.

ධනුෂ් ගැන කිව්වොත් අවික්සන් ගේ චරිතය, අපේ විදියට කියනවා නම් Loan Wolf සුපිරියි. ඔහුගේ චරිතය කුඩා කාලයකට සීමා වෙනවා නමුත් ඔහු කතාවේ හැරවුම් ලක්ෂ්යයක්. අවික් ගැන මුලින්ම දැනගන්නේ ලොයිඩ්ගේ හඳුන්වාදීමෙන්. පූජනීයයි කියලා සැලකෙන රුද්රාක්ෂයක් ස්පර්ශ කරමින් සිටින අවික් තමයි මුලින්ම පෙන්වන්නේ. ඒ වෙලාවේ හැමෝගෙම හිත් වල කුතුහලයක් ඇති උනා කියලා මන් හිතනවා. තත්පර ගාණක කොටසක් උනත් අවික්ගේ චරිතය කතාවට කොච්චර නම් බලපානවද කියලා ඒකෙන් තේරුම් යනවා. ඊළඟට Dani සහ Six සමඟින් කෙරෙන සටන. තමන්ගේ සටන් කුසලතාව පෙන්වීමට සහ බහුතරයක් හොලිවුඩ් රසිකයන්ට ධනුෂ් කවුද යන්න පෙන්වීමට එය හොඳ අවස්තාවක් උනා. දෙබස් අඩු උනත් ඔහු තමන්ගේ චරිතයට හොඳින් පණ පෙවූ බව කියන්න පුලුවන්.

Netflix සමාගම මේ ව්යාපෘතියට ධනුෂ්ව එකතු කරගන්නට ඇත්තේ දකුණු ඉන්දීය රසිකයන් පුලුල් කරගැනීමටදෝ කියලත් මට හිතෙනවා. ධනුෂ් බහුතර ප්රේක්ෂක ආකර්ෂණය දිනාගත් ආදරණීය චරිතයක්. මගේ අදහසට අනුව රූසෝ සහෝදරයන් එනිසාම ඔහුව තුරුම්පුවක් කරගත්තා වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔහු All-rounder නලුවෙක් සහ ඔහුගේ හැකියාව විශ්මිතයි. ඕනෑම චරිතයක් රඟපානවාටත් වඩා එතුල ජීවත් වීම සහ ප්රේක්ෂක සිත් දිනාගැනීමේ හැකියාවක් ප්රමුඛ පෙළේ සෙසු නළුවන්ට වඩා ධනුෂ්ට තියෙනවා.මීට පෙර ඔහු The Extraordinary Journey Of The Fakir නම් හොලිවුඩ් චිත්රපටයට දායක වී තිබීමත් හේතුවක් වන්නට ඇති. කොහොම උනත් සිනමා ගමනට මෙය ධනුෂ් ලබා ගත් හොඳ අවස්තාවක්.

ලිපි සැකසුම : ෂාලනි ඉමේෂා

The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
Original title The Gray Man
IMDb Rating 6.5 212,304 votes
TMDb Rating 7.009 2,784 votes

Director

Cast

Chris Evans isLloyd Hansen
Lloyd Hansen
Ana de Armas isDani Miranda
Dani Miranda
Jessica Henwick isSuzanne Brewer
Suzanne Brewer
Dhanush isAvik San
Avik San
Alfre Woodard isMargaret Cahill
Margaret Cahill
Regé-Jean Page isCarmichael
Carmichael
Wagner Moura isLaszlo Sosa
Laszlo Sosa

Similar titles

Power Play (2021) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published