Andhra King Taluka (2025) Sinhala Subtitles

Andhra King Taluka (2025) Sinhala Subtitles

Biopic of a FanNov. 27, 2025India166 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Andhra King Taluka (2025) Sinhala Subtitles) (Andhra King Taluka (2025) Sinhala Subtitle) (Andhra King Taluka (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන්ම නිකුත් වුන සුපිරියකට උපසිරැසියක් අරන් ආව..

2025 නොවැම්බර් 27 වෙනිදා තිරගත වීම ඇරබු මේ චිත්‍රපටියට ලැබුනේ ගොඩක්ම පොසිටිව් රිවිව්ස්.. ආදායම් අතින් සාර්ථක නොවුනත්, චිත්‍රපටය නම් අති සාර්ථක වෙන්න තිබුණු එකක්.. අයත් වෙන්නෙ Action / Comedy / Drama කියන ගණයට.. පැය 2යි විනාඩි 43ක්‌ තිස්සේ තියෙන ෆුල් ස්ටෝරි කතාවක්.. ෆයිට් සීන් දෙක තුනකුත් තිබුණා ඒවගේම.. හැබැයි කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ස්ටෝරි එකක් 🔥

ප්‍රධාන නළු Ram Pothineni හරියටම අවුරුද්දකින් තමයි මේ ෆිල්ම් එකක් රිලීස් කරන්නේ.. හැමදාම වගේ ඇක්ටින් පට්ට, කොල්ලා කොහොමත් දක්ෂයා 🔥 කලින් ආපු Skanda, Double Ismart දෙකටම වඩා ගොඩක් ඉස්සරහින් තියන්න පුළුවන් ෆිලුමක් මේක.. දඩ ඇක්ෂන් ෆිල්ම් වලට වඩා රාම්ට සෙට් වෙන්නෙ නම් මේ වගේ ස්ටෝරි කියලයි මගේ අදහස නම් 🥰❤️

ඒවගේම කන්නඩ සුපිරි නළු Upendra ත් මේකෙ ප්‍රධාන චරිතයක් විදියට සම්බන්ද වෙනවා.. ඔහුත් කාලෙකින් තමයි තෙළිගු ෆිල්ම් එකක රංගනයෙන් දායක වෙන්නෙ.. හරිම ලස්සන චරිතයක් වගේම, ෆිල්ම් එකේ ඒ චරිතයට ගැලපෙනම නළුවා ඔහු කියලත් කියන්න පුළුවන් ❤️🥰

ඒවගේම ජනප්‍රිය දමිළ සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන Anirudh Ravichander ත් එක ගීතයක් ගායනා කරනවා මේකෙ.. ඒ ගීතය රාම් විසින් පදරචනය කර තිබීමත් විශේෂත්වයක් 🔥

කතාව සහ අධ්‍යක්ෂණය – Mahesh Babu 

රංගනය

Ram Pothineni – සාගර් ලෙසින්
Upendra – සූර්යා ලෙසින්
Bhagyashri Borse – මහාලක්ෂ්මි ලෙසින්
Rahul Ramakrishna – ඊශ්වර් ලෙසින්

කතාව පොඩ්ඩක් කිව්වොත්,

සූර්යා කුමාර් කියන්නෙ තෙලුගු සුපිරි තරුවක්.. එයා අසාර්ථක චිත්‍රපට 9කට පස්සේ හොද සාර්ථක නිර්මාණයක්‌ එයාගෙ රසිකයන් වෙනුවෙන් දෙන්නයි සුදානම් වෙන්නෙ.. විශේෂම දේ තමයි ඒක එයාගෙ 100 වෙනි චිත්‍රපටිය.. ඉතින් මුදල් ප්‍රශ්නයක් නිසා හදිස්සියේ මේ චිත්‍රපටියේ වැඩ කටයුතු අතරමග නවතිනවා.. කලින් ඔහුගේ චිත්‍රපටි බෙදා හැරපු අය එයාලගෙ පාඩුව පියවාගන්න ඔහුගෙන් සල්ලි ඉල්ලනවා.. ඔහු කර කියාගන්න දෙයක් නැතුව එක්තරා නිෂ්පාදකවරයෙක් ගෙන් කෝටි 3ක්‌ ණයට ඉල්ලනවා.. නිෂ්පාදකයා සල්ලි දෙන්න පොරොන්දු වෙන්නෙ එක්තරා කොන්දේසියක් මත.. ඒකට එකග නොවී ඉන්න සූර්යාගේ ගිණුමට හදිස්සියේම කෝටි 3ක්‌ බැර වෙනවා.. සල්ලි දාපු කෙනා හොයල බලද්දී ඒ කෙනා තමයි “ආන්ද්‍රා කින්ග් රසික සංගමයේ සභාපති සාගර්”.. සුර්යා ඔහුව අදුරන්නේවත් නෑ.. සූර්යාට දැනගන්න ලැබෙන තොරතුරුත් එක්ක සාගර් කියන්නෙ කෝටි 3ක්‌ තියා රුපියල් 100ක්‌ අතේ නැති, දුෂ්කර ගමක මනුස්සයෙක්.. රසිකයෙක් කොහොමද එයාගෙ ආසම නළුවා වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරන්නේ 😲

ඩේටා ටිකක් කපාගෙන බැලුවට පාඩු නැති හරිම ලස්සන චිත්‍රපටයක් 🥰❤️

හැමෝටම අනිවාර්යෙන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..
ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Andhra King Taluka (2025) Sinhala Subtitles
Original title ఆంధ్ర కింగ్ తాలూకా
IMDb Rating 7.3 1,256 votes
TMDb Rating 6.75 4 votes

Similar titles

The School for Good and Evil (2022) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Distant (2024) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Believe : the Ultimate Battle (2025) Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published